top of page

Copyright Law in Sri Lanka (සිංහල) - Part 01

Writer: Ganidu BalasuriyaGanidu Balasuriya

Updated: Mar 22, 2019


ලංකාවේ ගොඩක් නිර්මාණකරුවන් තමන්ගේ නිර්මාණයේ ප්‍රකාශන අයිතීන් ගැන දැනුවත් නැහැ. විශේෂයෙන් ගායකයින් සහ ඡායාරූප ශිල්පීන්. මේ නොදනුවත් භාවය නිසා බොහෝවිට ලාභ ලබන්නේ වෙළඳ දැන්වීම ප්‍රචාරණ ආයතන.


මේ ලිපියේ සඳහන් වෙන්නේ මොකද්ද copyrights කියන්නේ කියල සහ ලංකාවේ copyrights සඳහා නිත්‍යානුකුල පසුබිම කොහොමද කියල.


ප්‍රකාශන අයිතිය යනු කුමක්ද ? (Copyrights)

ප්‍රකාශන අයිතිය යන්නෙන් ශාස්ත්‍රිය සහ කලාත්මක කෘති සඳහා ඒවායේ නිර්මාණකරුවන්ට නීතිය මගින් ලබා දී ඇති අයිතිවාසිකම් අදහස් වේ. එම අයිතිවාසිකම් දෙයාකාර වේ.


  • (අ) ආර්ථික අයිතිවාසිකම් සහ 

  • (ආ) සදාචාරාත්මක අයිතිවාසිකම් වේ.


ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්‍රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීමේ අයිතිවාසිකම් ඇතුලත් වේ.


සදාචාර  අයිතිවාසිකම්වලට කතෘත්වය සඳහා හිමිකම් සහ කෘතිය හා සම්බන්ධ යම් විකෘති කිරීමකට, අංග ඡේදනයකට හෝ විකරණයකට හෝ හීනකාරක ක්‍රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම් ආවරණය කරයි. ආවරණය කරනු ලබන්නේ කුමක්ද ?

ප්‍රකාශන හිමිකම මුල් ශාස්ත්‍රිය හා කලාත්මක කෘති: පොත්, පරිගණක වැඩසටහන්, ලිපි වැනි ලියවිලි, කතා, දේශන ආදී වාචික කෘති, වේදිකා නාට්‍ය,  ටෙලිනාට්‍ය, සංගීතමය කෘති, චිත්‍රපට, චිත්‍ර, පින්තාරු කිරීම් සහ ඡායාරූප ආවරණය කරයි. දත්ත පදනම් සහ කෘතිවල පරිවර්තන ද ආරක්ෂා කරනු ලැබේ. ප්‍රකාශන හිමිකම් ලියාපදිංචි කිරීම

ලියාපදිංචි කිරීම වැනි කාර්ය පරිපාටික අවශ්‍යතාවයන්ගෙන් තොරව, කෘතිය ප්‍රකාශයට පත් කොට මහජනයාට ලබාගත හැකි දිනයේ සිට ප්‍රකාශන අයිතිය ආරක්ෂා වේ.

අයිතිය ඇත්තේ කාටද ? ආර්ථික අයිතිවාසිකම්වල හිමිකරු වනුයේ කර්තෘවරයා වන නමුත් සාමාන්‍යයෙන් සේවකයෙකු විසින් නිර්මාණය කරන ලද කෘතියක අයිතිය සේවායෝජකට හිමිවීම ආදී ව්‍යතිරේකයන් තිබේ. ආර්ථික අයිතිවාසිකම් පාවා දීමට හෝ බලපත්‍රයක් මගින් ප්‍රදානය කිරීමට හැකිය. සදාචාර අයිතිවාසිකම් සැම විටම කර්තෘවරයා සතු වේ.



කාලසීමාව

ප්‍රකාශන හිමිකම් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේදී කර්තෘවරයාගේ ජිවිත කාලය පුරා හා ඔහුගේ මරණයෙන් අවුරුදු 70ක් ගත වන තුරු ආරක්ෂා වේ. පරිපාලනය

ප්‍රකාශන හිමිකම හිමිකරුට එම අයිතිවාසිකම් පුද්ගලිකව පරිපාලනය කළ හැකිය. එසේ නැතහොත් හිමිකරුවන්ට ඒවා සාමූහිකව පරිපාලනය කළ හැකිය. සාමූහික පරිපාලනය යන්නෙන් අයිතිවාසිකම් සඳහා බලපත්‍ර ප්‍රදානය කිරීම, ගාස්තු එකතු කිරීම, භාවිතය සහ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සහ අයිතිවාසිකම්  බලාත්මක කිරීම අධීක්ෂණය කිරීමේදී හිමිකරුවන් වෙනුවෙන් ක්‍රියා කරන සංවිධානයක් පිහිටුවීම අදහස් කෙරේ.


විදේශයන්හි ආරක්ෂාව


නිශ්චිත රටක ජාතික නීතිය යටතේ ශාස්ත්‍රීය හා කලාත්මක කෘති ආරක්ෂා කිරීම සඳහා වන බ(ර්)න් සම්මුතියේ සියලු සාමාජික රටවල ශ්‍රී ලංකා කර්තෘවරුන්ගේ කෘති ආරක්ෂා කරනු ලැබේ.


රෙගුලාසි


බුද්ධිමය දේපල පනත යටතේ සාදන ලද රෙගුලාසි ගැසට් පත්‍රයේ පළ කොට තිබේ.


මුලාශ්‍ර: ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය


ඊළඟ ලිපියෙන් ගේන්නම් කොහොමද නිවැරදි ලෙස #Copyrights පවරන්නේ කියල.




Comments


© Ganidu Balasuriya
  • Grey Facebook Icon
  • Grey Instagram Icon
  • Grey YouTube Icon
  • Grey LinkedIn Icon
bottom of page