top of page

How to protect your photos from theft on Facebook (සිංහල) - Part 01

Updated: Jan 28, 2019


Facebook හරහා ඡායාරූප පළකරන ඡායාරූප ශිල්පීන්ට තිබෙන ලොකුම ගැටලුව තමයි, facebook පිටු මෙහෙයවන පුද්ගලයින් ඔවුන්ගේ වටිනා ඡායාරූප හොරකම් කිරීම. අඩුම තරමේ නිසි ඇගයීමක්වත් ඡායාරූප ශිල්පියාට ලබාදෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මෙලෙස ඡායාරූප සොරකම් කරන පුද්ගලයින් ඡායාරූප ශිල්පියාගේ / ශිල්පිණියගේ දියසළකුණ මකා දමන්නත් අමතක කරන්නේ නෑ.

මෑතකාලයේ ඡායාරූප ශිල්පීන් ගණනාවකට මුහුණදෙන්න වෙච්ච අමිහිරි අත්දැකීමක් තමයි මේක. ගොඩක් අය මේ නිසා ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීම පවා නැවැත්තුවා. සමහර අය ඡායාරූප ගන්න එක පවා අතහැරියා. මේකට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද?


(ඡායාරූප මූලාශ: අන්තර්ජාලයෙන්)

ඇත්තටම මෙවැනි සොරුන්ට සහ සොරකම් කරන ලද ඡායාරූප ඉවත්කිරීමට facebook සතුව දැනටමත් විධිමත් ක්‍රමයක් තිබෙනවා. හැබැයි ගොඩක් දෙනා මේ පිලිබඳ දැනුවත් නැහැ.

ඔබට පුළුවන් ඔබේ සොරකම් කරන ලද නිර්මාණය යොදා ඇති ඡායාරූප ඉවත් කරන්න සහ එවැනි සොරුන්ගේ fapebook පිටු තාවකාලිකව අත්හිටුවන්න. පියවරෙන් පියවර අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියල සහ තමන්ගේ වටිනා ඡායාරූප ආරක්ෂා කරගන්නේ කියලා.

පළමුව කරන්න ඕනේ තම ඡායාරූප ආරක්ෂා කරගන්න එක

01. ප්‍රථමයෙන් තමන්ගේ ඡායාරූපයේ metadata වලට copyrights විස්තර දත්ත ඇතුලත් කරන්න.

මේක ඔබේ DSLR කැමරාවෙන් කරන්නත් පුළුවන්,


(ඡායාරූප මූලාශ: අන්තර්ජාලයෙන්)

​​

එහෙම නැත්නම් Lightroom වලින් ඡායාරූප import කරද්දීත් කරන්න පුළුවන්.​ (මිනිත්තු 02:58 බලන්න)


02. ඡායාරූප සඳහා © symbol එක සහ ඡායාරූප ශිල්පියාගේ නම දියසලකුනක් ලෙස (watermark) එකතු කරන්න. (මිනිත්තු 04:12 බලන්න)


​​

මේ ක්‍රමයෙන් ඔබට පුළුවන් අනිත් අයට දැනුම්දෙන්න, එම ඡායාරූපය ප්‍රකාශන හිමිකම් (Copyrights) සහිත ඡායාරූපයක් බව. එවිට බොහෝදෙනා ඡායාරූප අනවසරයෙන් ලබාගන්නට පෙර ඡායාරූප ශිල්පියාගෙන් අවසර ලබාගන්න පෙළඹෙනවා.

03. තමන්ගේ ඡායාරූපය facebok group වලට upload කලින්, අනිවාර්යයෙන් එම ඡායාරූප තමන්ගේ පෞද්ගලික profile එකට හරි තමන්ගේ facebook පිටුවකට හරි එකතු කරන්න.

267 views
Comments
Share Your ThoughtsBe the first to write a comment.
bottom of page