top of page

How to protect your photos from theft on Facebook (සිංහල) - Part 02

Updated: May 9, 2020



තමන්ගේ ඡායාරූප අනවසරයෙන් facebook පිටුවකට එකතු කරලා තිබුනොත් මොකද කරන්නේ?

  1. පළමුව, අදාල අනවසර පළකිරීම සිදුකරන ලද facebook පිටුවට තමන්ගේ නිර්මාණය ඉවත් කරන ලෙස හෝ තමන්ගේ copyright විස්තර සහිතව එම නිර්මාණය පළකරන ලෙස දැනුම්දෙන්න. එසේ කරන්නේ නැත්නම්,

  2. මේ වගේ වෙලාවක පුළුවන් අනවසර පළකිරීම සහිත post එක facebook report කරන්න. හැබැයි සාමාන්‍ය විදිහට නෙමෙයි. ඒ සඳහා මේ link එකට යන්න Facebook: Copyright Report Form Instagram: Copyright Report Form

  3. ඊළඟට පියවරෙන් පියවර පහත ආකාරයෙන් form එක පුරවන්න.



  • I found content which I believe infringes my copyright.

  • Continue with my copyright report.

  • Provide your contact information.

  • Who owns the copyright? මෙතැනදී “Me or my organisation” ලෙස තෝරාගන්න.ඉන්පසු නම, නිවසේ ලිපිනය, email ලිපිනය සහ දුරකථනය නිවැරදිව යොදන්න.

  • Your name (name and surname)

  • Your job responsibility

  • Postal address

  • Phone number

  • Email address

  • Name of the rights owner (සම්පුර්ණ නම) මෙතැනදී පොඩ්ඩක්වත් බයවෙන්න ඕනේ නැහැ. මොකද මේ කිසිම විස්තරයක් facebook ආයතනය වෙනත් පුද්ගලයෙක්ට ලබාදෙන්නේ නැහැ. ඔබව සම්බන්ධ කරගන්න email ලිපිනය පමණයි මුදා හරින්නේ.

  • Where is the rights owner based? මෙම කොටසේදී “Outside the United States” ලෙස තෝරාගන්න.

  • Country (if based outside of the US) Sri Lanka ලෙස ලබාදෙන්න.

  • Content that you want to report

  • Provide the content you want to report.

  • What type of content are you reporting?

  • Please provide links (URLs) leading directly to the specific content that you are reporting. මෙතනදී ඔබේ නිර්මාණය/ඡායාරූපය අඩංගු අනවසර පළකිරමට අදාල post එකේ හෝ කිහිපයේ link යොදන්න පුළුවන්.

  • Why are you reporting this content? මෙතනදී This content copies my work ලෙස තෝරාගන්න.


  • Your copyrighted work(s)

  • Provide your copyrighted work මෙතැනදී තමන්ගේ original නිර්මාණයට අදාල පොස්ට් එකේ link එක දෙන්න ඕනේ. තමන්ගේ ඡායාරූපය facebok group වලට upload කලින්, අනිවාර්යයෙන් එම ඡායාරූප තමන්ගේ පෞද්ගලික profile එකට හරි තමන්ගේ facebook පිටුවකට හරි එකතු කරන්න කිව්වේ මේ අවස්ථාවේදී වැදගත් වන හින්දා.

  • Declaration

  • Confirm declaration statement

  • Electronic signature (මෙතැනදී සම්පුර්ණ නම යොදන්න)


4. සියලු විස්තර fill කරාට පස්සේ submit කරන්න.


ඉන්පසුව facebook ආයතනය අපි ලබාදුන්න විස්තර විමර්ශනය කරලා අදාල අනවසර පළකිරීම පැය කිහිපයක් ඇතුලත ඉවත් කරලා ඒ පිළිබඳව අපට email පණිවිඩයක් මාර්ගයෙන් දැනුම් දෙනවා.



ඒ විතරක් නෙමෙයි සමහර අවස්ථාවලදී අනවසර පළකිරීමට අදාල facebook පිටුව තාවකාලිකව හෝ ස්ථිර ලෙස block කරන්නත් facebook ආයතනය කටයුතු කරනවා. මේ ක්‍රමයට පුළුවන් තමන්ගේ වටිනා ඡායාරූප facebook තුල අනවසරයෙන් පළකිරීම නවත්වාගන්න.


හැබැයි සමහර අවස්ථා තියෙනවා ඔබේ වටිනා ඡායාරූප විවිධ වෙබ් අඩවි සහ වෙළඳ ප්‍රචාරණ ආයතන විසින් පූර්ව අනුමැතියකින් තොරව අනවසරයෙන් යොදාගන්න. මෙවැනි අවස්ථාවකදී අපට සිදුවනවා අපේ රටේ පවතින නීති පද්ධතිය ඇතුලේ හොරුන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්න.

ඒ සඳහා තමයි ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත (2003 අංක 36 දරන පනත) තියෙන්නේ.

ලිපිය හොඳනම් අනිත් අයටත් කියවන්න share කරන්න 😊




648 views
Comments
Compartilhe sua opiniãoSeja o primeiro a escrever um comentário.
bottom of page