Landscape Photography වලට කැමති ඕනෙම කෙනෙක්ගේ ආසාවක් තමයි Milky Way එකක ඡායාරූපයක් ගන්න එක. හැබැයි Milky Way එකක ඡායාරූපයක් ගන්න එක “ගියා-ගත්තා” ක්‍රමේට කරන්න අපහසුයි. ඒකට පොඩි පෙර සුදානමක් සහ තමන්ගේ උපකරණ ගැන යම් අවබෝධයක් තියෙන්න ඕනේ.
මේ ලිපියේ තියෙන්නේ Milky Way එකක් පළවෙනි පාරට ගන්න කෙනෙක්ට කොහොමද ඒ සඳහා සුදානම් වෙන්න ඕනේ කියන එක ගැනයි.
01.Milky Way පෙන්නේ මොන මාස වලද? - Night sky photography
Milky Way එක අවුරුද්දේ හැම මාසේදීම රාත්‍රී අහසේ පෙන්නේ නැහැ. Milky Way එක පෙනෙන්න පටන් ගන්නේ පෙබරවාරි අන්තිම සිට ඔක්තෝබර් මාස වලදී විතරයි.
මේක හොයාගන්න තියන බොහොම ලේසිම සහ නිවැරදිවම ක්‍රමය තමයි පහල තියෙන App වලින් එකක් phone එකට දාගන්න එක.
Sky Guide IOS
එහෙමත් නැත්නම් මේ site එකට ගිහිල්ලා Milky Way එක පායන වෙලාව සහ පායන දිශාව පිළිබඳව බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන්.
ඒ ක්‍රම දෙකටම බැරිනම් පහල තියෙන සටහන උදව් වෙයි Milky Way එක රාත්‍රී අහසේ සොයාගන්න. පහළින් තියෙන්නේ Milky Way එකේ core එක (දීප්තිමත්ම කොටස) හොඳින් බලාගන්න පුළුවන් මාස සහ වෙලාව.
පෙබරවාරි (අන්තිම )
පෙ.ව 3 සිට පෙ.ව 4:30 ක්ෂිතිජයට ආසන්නව
මාර්තු
පෙ.ව 1 සිට රාත්‍රිය පුරාවට
අප්‍රේල්
ප.ව 11 සිට රාත්‍රිය පුරාවට
මැයි
ප.ව 10:30 සිට රාත්‍රිය පුරාවට
ජූනි
ප.ව 7 සිට රාත්‍රිය පුරාවට
ජූලි
ප.ව 7 සිට පෙ.ව 4:30 පමණ වන තෙක්
අගෝස්තු
ප.ව 7 සිට පෙ.ව 03 පමණ වන තෙක්
සැප්තැම්බර්
ප.ව 7 සිට පෙ.ව 12 පමණ වන තෙක්
ඔක්තෝබර්
ප.ව 7 සිට පෙ.ව 11 පමණ වන තෙක්
02.Milky Way එක හැම තැනටම බලාගන්න පුළුවන් ද?
බැහැ. සරලවම කියනවා නම් හොඳ කරුවල අහසක් අවශ්‍යයි. එහෙම නැත්නම් light pollution අඩු ප්‍රදේශයක් තෝරගන්න වෙනවා.
මේ site එකෙන් පුළුවන් light pollution අඩු හොඳ පැහැදිලි අහසක් තියෙන ප්‍රදේශයක් තෝරාගන්න
03. Milky Way එකක් ගන්න මොන වගේ කැමරාවක් සහ ලෙන්ස් එකක් ද අවශ්‍ය වෙන්නේ?
Milkyway එකක් ගන්න නම් තරමක හොඳ කැමරාවක් සහ හොඳ lens එකක් අවශ්‍ය වෙනවා. ISO performance හොඳ Full frame කැමරාවක් සහ f/2.8 වගේ ලෙන්ස් එකක් තියෙනවනම් ලොකු පහසුවක් වේවි. හැබැයි අනිවාර්යයෙන්ම Tripod එකක් නම් ඕනෙමයි මේ වැඩේට.
(f/2.8 / Full frame නැතත් තමන්ට තියෙන lens එකක් සහ කැමරා එකකින් try කරලා බලන්නත් පුළුවන්)
04. Milky Way එකක් ගන්න Settings මොනවද?
Settings හදාගන්න කලින් කරන්න ඕනේ පලවෙනි දේ තමයි, හොඳ හෙලවෙන්නේ නැති Tripod එකක් භාවිතා කරලා frame එක හෝ කැමරාව හෙලවෙන්නේ නැති විදිහට frame එක හදාගන්න එක.
ඒත් එක්කම lens එකේ තියෙන IS / VR /IBIS stabilization off කරගන්න එක. මොකද කැමරාව tripod කරලා තියෙද්දී stabilization on කරලා තිබ්බොත් එකෙන් ඡායාරූපයට අනවශ්‍ය shake එකක් එන්න පුළුවන් නිසා.
කැමරා එකේ setting, කැමරාවේ සහ lens එකේ performance අනූව වෙනස් වෙනවා. මේ වෙබ් සයිට් එකට ගිහිල්ලා පුළුවන් තමන්ගෙ කැමරාව සහ lens එක අනූව කොහොමද exposure එකේ settings හදාගන්න පුළුවන් කියල බලන්න.
කැමරාව APSC හෝ Full Frame ද,
කැමරාවේ performance අනුව ISO අගය, (සාමාන්‍යයෙන් 1600 - 3200 වගේ අතර යන්න පුළුවන්
ලෙන්ස් එකේ යන්න පුළුවන් අඩුම f අගය, (අඩුම තියෙන්නේ f/4 හෝ f/3.5 නම් ඒ අගය දාන්න)
Focal length එක,
මේ ටික දාල කොච්චර Shutter speed එකක් ද කැමරාවෙන් හදාගන්න ඕනි කියල බලන්න පුළුවන්.
එත් එක්කම photo එක focus කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි camera එකේ live view ගිහිල්ලා, අහසේ තියෙන දීප්තිමත්ම තරුවකට manual focus එක හදාගන්න එක.
05. මේ Milky Way එක ගත්තේ කොහොමද
මේ Milky Way එක අරං තියෙන්නේ ඡායාරූප කිහිපයක් එකතු කරලා. මොකද, මං ගාව තිබ්බේ 16-35mm f /4 lens එකක් නිසා Milky Way එකක් ගනිද්දී ISO අගය ගොඩක් වැඩි කරන්න උනා. ඒ එන noise එක අයින් කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි, කැමරාව tripod කරලා, එකම frame එකේ ඡායාරූප ගොඩක් ගන්න එක.
හැබැයි මේ photo එක ගනිද්දී තිබ්බ ගැටලුව තමයි, මේ photo ගන්න වෙලාව ඇතුලත Milky Way එකත් අහසේ ගමන් කරන එක.
හැබැයි ඒක ලොකු ගැටළුවක් නෙමෙයි. මොකද අපිට පුළුවන් “Sequator” software එක භාවිතා කරලා Milky Way එක හරියටම stack කරගන්න. එතකොට noise නැති Milky Way එකේ details සහ colors හරියටම තියෙන ඡායාරූපයක් හදාගන්න පුළුවන්.
මේ software එක නොමිලේම download කරගන්න පුළුවන් මේ site එකෙන්.
මේ video එකේ තියෙන්නේ Milky Way එක Sequator software එකෙන් stack කරගත්ත විදිහ.
ලිපිය වැදගත් උනානම් පහලින් comment එකක් දාලා පහල තියෙන ❤ ලකුණ press කරලා, අනිත් අයටත් කියවන්න share කරන්න.
Comments