Landscape photography වල තියෙන interesting ම category එකක් තමයි Seascape photography කියන්නේ. අපි පියවරෙන් පියවර බලමු කොහොමද මුලින්ම seascape එකක් ගන්න කෙනෙක් ඒ සඳහා සූදානම් වෙන්නෙ කියලා.
Location
මුලින්ම කරන්න ඕන දේ තමයි seascape එකක් ගන්න හොඳ ලොකේෂන් එකක් තෝර ගන්න එක. අපි තෝරගන්න location එක අපි ගන්න seascape එකට සෑහෙන වැදගත්. ඒකට හේතුව තමයි හොද interesting background එකක් සහ foreground එක තමයි seascape එකේ සාර්තකත්වයට 80% වැදගත් වෙන්නේ.
Camera Gears
Seascape ෆොටෝ එකක් ගන්න විශේෂිත කැමරාවක් කියලා දෙයක් නැහැ. අපි ගාව තියන aps-c කැමරාවෙි සිට full frame කැමරාව දක්වා ඕනම කැමරාවක් අපිට මේ සඳහා භාවිත කරන්න පුළුවන්. හැබැයි හොඳ dynamic range එකක් තියන කැමරාවක් තියෙනවනම් ඒක සුවිශේෂි පහසුවක් වෙනවා හොඳ seascape එකක් නිර්මාණය කරගන්න.
Wide lens එකක් තියෙන තරමට අපට පුලුවන් ආකර්ෂණීය perspective එකක් සමග seascape එකක් නිර්මාණය කරගන්න. මේ සඳහා මම භාවිතා කරන්නේ Sony zeiss FE 16-35mm lens එක. මීට කලින් මම භාවිතා කළේ Canon 70D කැමරාව සමඟ EF-S 10-18mm lens එක.
මීට අමතරව steady tripod එකක් තිබීම අනිවාර්යයි. ඒකට හේතුව, මොන තරම් හොඳ කැමරා උපකරණ අපි භාවිතා කරත් photo එක ගන්න වෙලාවට කැමරාව shake වුනොත් මුළු මහන්සිය ම අපතේ යන හින්දා.
Camera Settings
Camera එකේ shutter speed එක තීරණය වෙන්නේ අපිට නිර්මාණය කරන්න අවශ්‍ය වෙන seascape එකේ ස්වභාවය අනුව. අවශ්‍යයනම් ND filter එකක් භාවිතා කරලා silky water effect එකක් සහිත long exposure ෆොටෝ එකක් හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මගේ ඡායාරූපයේ වගේ මුහුදු රැල්ලේ චලනය පෙන්වන ආකාරයෙන් ඡායාරූපය ගන්න shutter speed එක හදාගන්නත් පුළුවන්.
අපි shutter speed එක අඩු කරන්න අඩු කරන්න මුහුදු රැල්ලේ තියෙන motion එක smooth වෙලා තමයි capture වෙන්නේ.
ඒත් එක්කම අපිට පුලුවන් ජායාරූප කිහිපයක් bracketing ක්‍රමයට ඡායාරූප ගත
කරන්න.
පහල තියන වීඩියෝ වලින් බලන්න පුළුවන් Canon/Sony/Nikon කැමරා වල bracketing කොහොමද හදාගන්න කියලා.
Camera එකේ shutter speed එක නිශ්චිත වශයෙන් සඳහන් කරන්න බැරි උනත්, අපි පොදුවේ යොදා ගන්න settings කිහිපයක් තියෙනවා. ඒ අනුව seascape සඳහා අපි Aperture එක තියාගන්නේ ƒ 7.1 සිට 11 දක්වා අගයක්. ඒකට හේතුව තමයි seascape එකකදි ඡායාරූපයේ foreground එක වගේම background එකත් හොඳ sharp details තියාගන්න අවශ්ය නිසා.
අපි ඡායාරූපය ගන්නෙ tripod කරලා ගොඩක් වෙලාවට long exposure එක පැත්තට බර වෙන හින්දා ISO අගය පුළුවන් තරම් අඩු අගයක් තියා ගන්න ඕනේ. විශේශයෙන් post-production ඒක සෑහෙන්න වැදගත් වෙනවා.
Composition
ඕනෙම ඡායාරූපයකට composition කියන්නේ ඉතාමත් වැදගත් සාධකයක්. හොඳ composition එකක් හදාගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි location එකට කළින්ම ගිහිල්ල location එකේ හොදට ඇවිදලා තමන්ට ගැලපෙන තැනක් තෝර ගන්න එක.
විශේෂයෙන් wide angle ලෙන්ස් භාවිතා කරන අවස්ථාවක අපිට පුළුවන් foreground එකේ සිට background එක දක්වා ඡායාරූපය ගලා යන ආකාරයෙන් composition එක නිර්මාණය කරගන්න.
Shutter Release
ඡායාරූපය ගනිද්දි අපිට පුළුවන් remote shutter release එකක් භාවිතා කරලා ඡායාරූප ගන්න. ඒකෙන් අපිට පුළුවන් shutter button එක release කරන වෙලාවට ඇති වෙන පොඩි camera shake එකක් නැතිකරගන්න. Remote එකක් නැති කෙනෙක්ට පුළුවන් camera එකේ timer එක 2sec දාල ඡායරූපය ගන්න.
Post-Production
මේ ඡායාරූපයේ post-production එක සඳහා මම භාවිතා කළේ layer blending ක්‍රමය. ඒකෙදි කරන්නෙ exposures කිහිපයකින් ලබාගත් ඡායාරූප එක උඩ එක තියල layer mask එකක් බාවිතයෙන් gradiant mask එකක් දාලා photos 3, එක photo එකකට blend කර ගන්න එක.
මීට අමතර ව ඡායාරූපයේ පොඩි පොඩි enhancements සඳහා Lumanr 4 සහ Google nik යන software දෙක භාවිතා කරා.
ඔයත් මේ වගේ ගත්ත seascape තියෙනවා නම් මේ forum එකට join වෙලා ගත්ත photos දාන්න. අපි ඒ photos වල ගුණ දොස් අඩු පාඩු forum එකේදි කතා කරමු.
ලිපිය හොදනම් පහල තියෙන ♥ ලකුණ press කරලා අනිත් අයටත් කියවන්න share කරන්න. ලිපිය ගැන ඔබේ අදහස් පහළින් comment කරන්නත් අමතක කරන්න එපා.
コメント