top of page

UV filter එකක් ඕනෙමද?

Updated: Oct 14, 2018

අලුතෙන් කැමරාවක් ගත්ත ගමන් අපි කරන පළමු දේ තමයි UV filter එකක් දාන එක? හැබැයි ඇත්තටම UV එකක් ඕනෙද? මොනවද හොඳ UV filters? UV filter එකෙන් photo එකේ quality එක වැඩි වෙනවද?


මේ තියෙන්නේ UV filter එකක් සහිතව ගත්ත ඡායාරූපයක් සහ UV filter එකක් නැතුව ගත්ත ඡායාරූපයක්. මේ භාවිතා කරලා තියෙන්නේ iDiscoery වර්ගයේ UV එකක්.

© Ganidu Balasuriya

අමුතුවෙන් කියන්න ඕනේ නෑ. බැලූ බැල්මටම පේනවා බාල UV filter එකෙන් ඡායාරූපයට වෙලා තියෙන හානිය. දෙවෙනි ඡායාරූපය බැලුවොත් පේනවා UV filter එකේ රැඳිලා තියෙන dust particles නිසා අනවශ්‍ය dust spots ගණනාවක් එකතු වෙලා තියෙන විදිහ.


මේ ඡායාරූපයේ තියෙන්නේත් බාල UV filters නිසා ඇති වෙන තවත් පාඩුවක්. ඒ තමයි ඡායාරූපයට අනවශ්‍ය lens flares ගණනාවක් එකතු වෙන එක.


© Ganidu Balasuriya

ඇත්තටම UV filter එකෙන් ඡායාරූපයක quality එක වැඩි වෙන්න ලොකු බලපෑමක් නැති උනත්. බාල UV එකක් භාවිතා කිරීම නිසා ඡායාරූපයක quality එකට වෙන්න පුළුවන් හානිය වැඩියි.


එහෙනම් UV එකක් පාවිච්චි කරන්න එපාද?


වරදවා තේරුම් ගන්න එපා. මේ කියන්නේ UV filter එකක් භාවිතා කරන්න එපා කියල නෙමෙයි. මොකද UV එකේ තියෙන ප්‍රධානම වාසිය තමයි lens එක ආරක්ෂා කරගන්න එක. හදිසියෙවත් ලක්ෂගානක් වටිනා ලෙන්ස් එක මොකක හරි වැදුනොත් මොන දෙයියන්ට කියන්නද?

Source: Internet
Source: Internet

එහෙනං මොකද කරන්නේ?


මේකට තියෙන එකම විසඳුම තමයි හොඳ coating එකක් තියෙන UV එකක් මිලදී ගන්න එක. B+W / Zeiss වගේ හොඳ brand වල multi coated nano layers තියෙනවා. බය නැතුව කියන්න පුළුවන් මේ brand 2ක තමයි දැනට market එකේ තියෙන හොඳම filters තියෙන්නේ. (අනිත් brand ගැන නම් වග කියන්න බෑ).


Source: YouTube
සාමාන්‍ය filter එකක් සහ nano coating සහිත B+W filter එකක්

ඒ නිසා පහසුවෙන් filter එකේ තියෙන දුවිලු අංශු filter එකට හානියක් නොවී ඉවත් කරගන්න පුළුවන්. ඊට අමතරව මේ වගේ හොඳ filters වල අනවශ්‍ය lens flares එන්නේ නැහැ.


කොහෙන්ද හොඳ UV එකක් ගන්නේ?


මේක තමයි තියෙන ලොකුම ගැටලුව. මොකද දැනට ලංකාවේ market එකේ තියෙන 90% ක් ම filters චයිනීස් වීදුරු කෑලි. ලංකාවේ වැඩිපුරම තියෙන්නේ HOYA filters. පැකින් පිටින් ආවට ගොඩක් ඒවා chinees හොර බඩු. Original ද? Fake ද? කියලවත් හොයන්න බැහැ.


Ebay / Aliexpress එකෙන් ගන්න එකත් සාර්ථක නෑ. මොකද ඇත්ත ඒවද? බොරු ඒවද? කියල හොයන්න බැරි තරමට ඒවා සමානයි.


මේ වගේ කාලයක් තිස්සේ හොර බඩු වලින් බැට කාල අන්තිමට BH Photo Video එකෙන් ගෙන්නුවා.



කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක සෑහෙන ගණන් වැඩක් කියල. ඒත් මේක සෑහෙන ලාබයි මෙහෙන් ගන්නවට වඩා. මොකදලංකාවේ තියෙන chinees filter එකක් (55mm) රු.4,500ක් විතර වෙනවා.


හැබැයි BH Photo Video එකෙන් original B+W filter (55mm) එකක් ගෙන්නන්න shipping cost එකත් එක්ක යන්නෙ රු.4,700ක්විතර.


ලංකාවේ chinees filter එකක් අරගෙන, කාලයක් යද්දී filter හිරිලා නිසා ආයේ 4,500 ක් දීල filter එකක් ගන්නවට වඩා හොඳයි එකපාර හොඳ ජර්මන් B+W filter එකක් හරි Zeiss filter එකක් හරි අරගෙන කාලයක් පාවිච්චි කරන එක.


බාල බඩු දාල හොඳ photos ගන්න පුළුවන් නම්, මුං වපුරලා වී ගන්නත් පුළුවන් 😉

ඔබේ අදහස්, යෝජනා, චෝදනා පහලින් comment කරන්න. ලිපිය හොඳ නම් අනිත් අයටත් බලන්න share කරන්න.

121 views
Comments
Deine Meinung teilenJetzt den ersten Kommentar verfassen.
bottom of page