[මෙම ලිපිය කිසිඳු නියෝජිත ආයතනයක, මුල්‍ය අනුග්‍රහයක් හෝ ප්‍රචාරණයක් යටතේ පළ නොකල බව කරුණාවෙන් සලකන්න]
අලුතෙන් කැමරාවක් ගන්න ඉන්න අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි Canon කැමරාවක් ගන්නවද, Nikon කැමරාවක් ගන්නවද කියන එක. දැන් මේ ප්‍රශ්නෙට තවත් brand එකක් එකතු වෙලා. ඒ තමයි Sony Mirrorless.
මං කලින් පාවිච්චි කලේ Canon 70D crop sensor කැමරාවක්. කාලෙක ඉඳන් මටත් ලොකු වුවමනාවක් තිබ්බා Full frame කැමරාවකට යන්න. හැබැයි ආපු ගැටලුව උනේ මොකද්ද ගන්න කැමරාව කියන එක. අතේ තිබ්බ මුදලත් එක්ක මට option 3ක් තිබ්බා. ඒ,
Nikon D810 Canon 5D mk IV Sony A7R II
මේ කැමරා තුනම ඒ වෙද්දී මාර්කට් එකේ තිබ්බ හොඳම කැමරා තුනක්. අමාරුම වැඩේ උනේ මේ තුනෙන් 1ක් තෝරාගන්න එක. හැබැයි අන්තිමට මම තීරණය කළා Sony A7R II වලට මාරු වෙන්න. ඇයි මම Sony A7R II වලට මාරු උනේ?
වාසි මොනවද?
Max Resolution.
මං කරන්නේ Architectural සහ Landscape photography. ඒ නිසා මට අවශ්‍ය වුනා MegaPixel වැඩි කැමරාවක් මිලදී ගන්න.
A7R II එකේ 42.4MP යි.
D810 එකේ තියෙන්නේ 36.3 MP යි.
5D MK IV එකේ තියෙන්නේ 30.4MP යි.
මගේ අවශ්‍යතාවයට 42 MP සහිත ඡායාරූපයක් සෑහෙන වටිනවා. මොකද සමහර වෙලාවට මං ගන්න ඡායාරූප පසු සැකසුමේදී crop කරන්න වෙනවා. එතැනදී Max Resolution: 42 MP: 7952 x 5304 ඡායාරූපයක් crop කරා කියල විශාල හානියක් වෙන්නේ නැහැ.
5-axis optical image stabilization
මේ මොකද්ද මේ? සරලයි! මේක Canon වල IS (image stabilisation) වගේ, Nikon වල VR (Vibration Reduction) වගේම image stabilization ක්‍රමයක්.
හැබැයි මේකේ තියෙන වාසිය තමයි Canon සහ Nikon වල image stabilization සිස්ටම් එක එන්නේ lens එකේ උනාට, Sony A7R II එකේ sensor එකත් image stabilization සිස්ටම් එකට අදාල වෙනවා
ඉතින් ඕක මහලොකු දෙයක්ද? ඇත්තටම එක සැහෙන වටිනා option එකක්. සාමාන්‍යයෙන් Canon, Nikon වල image stabilization තිබ්බත් හෙල්ලිච්ච නැති handheld ඡායාරූපයක් ලබාගන්න නම් අඩුම, shutter speed එක 1/50s ක්, 1/60s ක් වත් යන්න වෙනවා.
අඩු ආලෝක තත්වයකදී ඒ shutter speed එක සෑහෙන පාඩුවක්. හැබැයි 5-axis optical image stabilization එකේදී මට පුළුවන් බය නැතුව shutter speed එක 1/10s දක්වා අඩු කරලා පොඩ්ඩක්වත් හෙල්ලිලා නැති ඡායාරුපයක් ලබාගන්න.
Dynamic range
මේකත් මම ගන්න ඡායාරූප වලට අත්‍යවශ්‍ය දෙයක්. මොකද dynamic range එක අඩු ඡායාරූප වලදී එක්කෝ ඡායාරූපයේ highlights තනි සුදු වෙලා යනවා. නැත්තම් shadows කොටස් සෑහෙන අඳුරු වෙනවා.
Landscape වලදී මේක ලොකු පාඩුවක්. සමහර වෙලාවට post process එකේදී shadows හරි highlights හරි recover කරන්න ගියාම අන්තිමට වෙන්නේ ඡායාරූපයට damage වෙන එක.
ඒ නිසා කලින් නම් මම ඡායාරූප 3ක් අරගෙන post process එකේදී ඒ ඡායාරූප 3න් HDR එකක් හදාගන්නවා. හැබැයි මේ වැඩේ සෑහෙන කරදරයි වගේම, hard disk එකත් පිරෙන්න හේතු උනා.
මන් ගන්න හදපු කැමරා 3නෙම dynamic range එක ඉතාමත් හොඳයි. ඒ නිසා ඡායාරූප 3න් කරන වැඩේ තනි ඡායාරූපයෙන් කරගන්න පුළුවන්. හැබැයි මේකෙදි නම් දිනන්නේ D810 (14.8evs) එක.
මොකද ඒකෙ dynamic range එක Sony A7R II (13.9 evs) එකට වඩා වැඩියි. කොහොම උනත් 13.9 කියන්නේ ඉතාමත් හොඳ range එකක්.
D810: 14.8 evs
A7R II: 13.9 evs
5D MK IV: 13.6 evs
Low-Light ISO
A7R II එක තෝරාගන්න මේකත් හේතුවක් උනා. මොකද මන් කලින් පාවිච්චි කරපු 70D එකේ උපරිම noise නැතුව ISO යන්න පුළුවන් ISO 800ක් විතර. ඒ නිසා සමහර වෙලාවට ආලෝකය අඩු අවස්ථා වලදී tripod එකක් තිබ්බේ නැත්තන් ඡායාරූප ගන්න එක පවා නවත්තන්න වෙලා තියෙනවා. D810 / 5D MK IV / A7R II තුනේම Low-Light ISO capacity එක හොඳයි. හැබැයි මේකෙදි දිනන්නේ නම් A7R II එක.
A7R II: 3434 ISO
5D MK IV: 2995 ISO
D810: 2660 ISO
Eye Tracking AF
මං සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ photos ගන්නේ නැහැ. හැබැයි sony කැමරාව තෝරාගන්න මේකත් හේතු උනා. විශේෂයෙන් 50mm f/1.4 වගේ lens වලින් ෆොටෝස් ගන්න ගියාම එන ලොකු ගැටළුවක් තමයි මිනිස්සුන්ගේ මුණ focus නැති එක. සමහර වෙලාවට ෆොටෝස් 10ක් ගත්තොත් 6ක් 7ක් ම හරියට මුණ focus වෙලා නැහැ. ඉතින් ඒක ලොකු risk එකක්.
හැබැයි මේකට තියෙන හොඳම විසඳුම තමයි Eye tracking AF කියන්නේ. මේකෙදි අපි ඡායාරූප ගන්න මිනිස්සු කොච්චර move උනත් හැම තිස්සෙම ඇහැ focus වෙලා තියෙන්නේ. Continuous Mode එකේදී පවා මේක වැඩ කරනවා. අනිත් දේ තමයි A7RII එකේ focus point 399ක් තියෙනවා.
Electronic Viewfinder
Optical viewfinder එකට හුරුවුන Nikon සහ Canon පාවිච්චි කරන අයට මේක ටිකක් නුහුරුයි. Optical Viewfinder එකෙන් අපි දෙන camera settings වලට අදාල output එක පෙන්නන්නේ නැහැ. ඒ වෙනුවට අපි කරන්නේ camera එක EV එක බලලා settings හදාගන්න එක.
හැබැයි Electronic Viewfinder එකේදී අපි camera එකේ දෙන settings වලට අදාලව preview එක එවෙලේම බලන්න පුළුවන්. මුලින්ම මේක ලොකු දෙයක් නැහැ කියල හිතුනට, වැඩ කරද්දී සැහෙන වාසියක් තියෙනවා.
අවාසි මොනවද?
Battery life
මේක තමයි තියෙන අවාසිය. 😕 Sony A7R II එකේ එන්නේ 1020mAh battery එකක්. ඒ නිසා එක පාරක් චාර්ජ් කරලා උපරිම shots 290ක් වගේ තමයි ගන්න පුළුවන්. ඒක ලොකු පාඩුවක්. මොකද canon / nikon වල එක පාරක් චාර්ජ් කරලා shots 1000ක් වත් ගන්න පුළුවන්. හැබැයි Sony කැමරාවත් එක්ක battery 2ක් එනවා. ඒ නිසා මේ ගැටලුව තරමක් දුරට විසඳගන්න පුළුවන්. ඊට අමතරව තව extra battery 2ක් විතර ගත්ත නම් හරි.
මගේ ළඟ battery 4ක් තියෙනවා. ඒ නිසා ලොකු ගැටළුවක් නැහැ. අනිත් එක මන් ගන්න ඡායාරූප වලට battery count එක 290ක් වගේ ප්‍රමාණවත්.
Lens
මේක තමයි ඊළඟ ප්‍රශ්ණේ. මුල් කාලේ නම් Sony වලට ඒ තරම් ගොඩක් ලෙන්ස් තිබ්බේ නැහැ. හැබැයි දැන් නම් සැලකිය යුතු ප්‍රමාණයක් ලෙන්ස් තියෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ lens වල මිල. 😕 Sony ලෙන්ස් සෑහෙන ගණන්! සෑහෙන ගණන්!
16-35mm f/4
Sony $1,348
Canon $1,099
Nikon $1,096
70-200mm f/2.8
Sony $2,598
Canon $1,349
24-105mm
Sony $1,298
Canon $1,099
85mm f/1.8
Sony $598
Canon $349
Nikon $476
මේ වගේ තව ගොඩක් කරුණු කාරණා තියෙනවා සංසන්දනය කරනවා නම්. මේ තමයි A7R II එකට යද්දී මම බැලුව දේවල්.
නිගමනයකට එනවට වඩා, අවශ්‍යතාවය අනූව උපකරණය තෝරාගැනීම තමයි වටින්නේ.
එහෙම නැතුව trend එකටවත්, කවුරුහරි කියන නිසාවත් ගන්න කැමරාව තීරණය කරන්නේ නැතුව අවශ්‍යතාවය අනූව කැමරාවක් ගන්නවා නම් Canon, Nikon, Sony ඕන එකක් හොඳයි.
කොටන කුකුලට කොයි කොටුවත් එකයි නොවෑ! 😉
Review එක හොඳ නම්, පහළින් comment එකක් දාල share කරන්න අනිත් අයටත් කියවන්න
Comments