top of page

How to Spot Dust on Your DSLR Sensor (සිංහල)

Updated: Jan 28, 2019


ree
Sony A7R II © Ganidu Balasuriya

මොනාද මේ sensor dust?


අපි ගන්න ඡායාරූපවල කලු පාටට තියෙන පුංචි පැල්ලම් තමයි sensor dust කියන්නේ. එහෙම නැත්තන් පුංචි පුංචි dust particles, hair particles කැමරාවේ sensor එකේ හෝ ලෙන්ස් එකේ තැන්පත් වෙන එක (lens dust).

ගොඩක් වෙලාවට lens මාරු කරද්දී තමයි මේ වැඩේ වෙන්නේ. DSLR වර්ගයේ කැමරාවක නම් sensor ඉදිරියෙන් තියෙන mirror එක නිසා සහ sensor එක තියෙන්නේ ටිකක් ඇතුලට වෙන්න නිසා මේ විදිහට dust particles යන එක සාපේක්ෂව අඩුයි. හැබැයි Sony, Fujifilm mirrorless කැමරාවක නම් dust particles sensor එකට යන්න තියෙන ඉඩකඩ සෑහෙන වැඩියි.

කොහොම උනත් කොහොමද මේ sensor dust හොයාගන්නේ?


01. මුලින්ම කරන්න ඕනේ සුදු A4 sheet එකක ඡායාරූපයක් ගන්න එක. (JPEG හෝ RAW) මේකෙදි පුළුවන් තරම් ISO අඩු අගයක් තියාගන්න ඕනේ සහ, f අගය 22 හෝ යන්න පුළුවන් උපරිම ගානක් තියාගන්න ඕනේ. Shutter speed එක අඩු උනාට කමක් නෑ.


02. ඊළඟට ගත්ත ඡායාරූපය Adobe camera RAW හෝ Lightroom වලට import කරගන්න.

ree

03. ඊළඟට Spot Removal ටූල් එකට යන්න.

ree

04. ඊළඟට “Visualize Spots” එකට ✔️ දාන්න.

ree

05. දැන් පුළුවන් Spot Removal භාවිතා කරලා dust spots ඉවත් කරන්න.

ree

කොහොමද මේ sensor එකේ dust අයින් කරගන්නේ.


මේක පරිස්සමෙන් කරන්න ඕනේ වැඩක්. ලේසිම වැඩේ තමයි blower එකක් පාවිච්චි කරන එක. හොඳම වැඩේ තමයි පළපුරුදු තාක්ෂණික ශිල්පියෙක්ට කියල sensor එක පිරිසිඳු කරගන්න එක.

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
© Ganidu Balasuriya
  • Grey Facebook Icon
  • Grey Instagram Icon
  • Grey YouTube Icon
  • Grey LinkedIn Icon
bottom of page