top of page

Fuji GFX100 - First Impression!


Fujifilm GFX 100 කැමරාවෙන් ලබාගත් ඡායාරූපයක් ƒ/6.4 | 1/160s | ISO 125

Fuji GFX 100 කියන්නේ බොහොම මෑතකදී රිලීස් වෙච්ච medium format කැමරාවක්. ඊයේ (20) ලංකාවේ ඡායාරූප ශිල්පීන් කිහිප දෙනෙක්ට මෙම කැමරාව භාවිතා කරලා, අත්හදා බලන්න අවස්ථාවක් හම්බුනා. මේ ලිපියෙන් සඳහන් කරන්නේ GFX 100 කැමරාව විනාඩි කිහිපයක් පමණක් භාවිතා කරලා ලැබුණු මාගේ ප්‍රථම අත්දැකීම ගැන පමණයි.


කැමරාව අතට ගත්ත ගමන් දැනුන පළවන දේ තමයි මෙම කැමරාව සාමාන්‍ය කැමරාවකට වඩා ප්‍රමාණයෙන් විශාලයි. කැමරාවේ භාහිර පෙනුම ගොඩක් සමාන වෙන්නේ Canon 1Dx කැමරාවකට හෝ NIkon D5 පෙනුමට.



Fuji GFX 100 කියන්නෙ GFX 50s වගේම medium format වර්ගයේ කැමරාවක්. මෙම කැමරාවේ තියෙන්නේ 43.8mm x 32.9mm ප්‍රමාණයේ megapixel 102 ක සෙන්සර් එකක්. මෙම sensor එක සාමාන්‍ය full frame sensor එකකට වඩා 67% ප්‍රමාණයෙන් විශාලයි. Fuji ආයතනය මෙය හඳුන්වන්නේ super full frame නමින්. හැබැයි මෙම කැමරාව කිසි සේත්ම Full frame කැමරා වර්ගයට අයත් වෙන්නේ නැහැ. මොකද මේක medium format වර්ගයේ කැමරාවක්. ඒ නිසා මෙම කැමරාව අපි සාමන්‍යයෙන් භාවිතා කරන Canon, Nikon, Sony හෝ Fuji වර්ගයේ full frame වර්ගයේ කැමරා සමඟ සංසන්දනය කරන එක තේරුමක් නැහැ.


සාමාන්‍යයෙන් Canon, Nikon හෝ Sony කැමරාවක් භාවිතා කරන කෙනෙක්ට මෙම කැමරාවේ ඉන්ටර්ෆේස් එක සහ කැමරාවේ buttons තියෙන විදිය ඒ නිසා මටත් කැමරාවේ settings හදාගන්න සෑහෙන වෙලාවක් ගත කරන්න වුණා. හැබැයි ඒක සාමාන්‍ය කාරණාවක්. මොකද ඕනෑම අලුත් කැමරාවකට හුරුවෙන්න අඩුම සතියක්වත් යනවා.


එත් එක්කම මෙම කැමරාවේ භාවිතා වෙන්නේ Fuji ආයතනය මෑත කාලීනව භාවිතා කරන X series එකේ එන X-Trans වර්ගයේ sensor එකක් නෙමෙයි. එහෙම නැත්නම් මෙම කැමරාවේ භාවිතා වෙන්නේ Bayer වර්ගයේ CMOS එකක්. හැබැයි ඒකෙ ලොකු වෙනසක් මට නම් දැනුනේ නැහැ.


GFX 100 කියන්නේ මෙගාපික්සල් 102 ක කැමරාවක්. ඒ නිසා අහන්න දෙයක් නැහැ. කොහොමත් ගන්න ෆොටෝස් වල details සෑහෙන තියෙනවා. සෑහෙන කියන්නේ සෑහෙන!


Fujifilm GFX 100 කැමරාවෙන් ලබාගත් ඡායාරූපයක් ƒ/6.4 | 1/160s | ISO 125

ඒත් එක්කම මේක medium ෆෝමැට් කැමරාවක් නිසා සාමාන්‍ය කැමරාවකට වඩා හොඳ ඩයිනමික් range එකක් ඡායාරූපය ගන්න වෙලාවෙම ඇහැට දැනෙනවා.


මේ කැමරාවෙන් ගන්න RAW වර්ගයේ ඡායාරූපයක් 200mb පමණ වනවා.ඒ නිසා අපි සාමාන්‍යයෙන් භාවිතා කරන slow speed, SD වර්ගයේ card එකක් නම් කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා හොද speed එකක් සහිත UHS-II වර්ගයේ SD එකක් අනිවාර්යෙන් භාවිතා කරන්න සිදුවනවා.


නමුත් මම භාවිතා කරේ සාමාන්‍ය UHS-I වර්ගයේ SD card එකක්. ඒනිසා ඡායාරූපයක් අරගෙන ඒක save වෙනකන් සෑහෙන වෙලාවක් බලන් ඉන්න මට සිද්ධ වුණා.


Fujifilm GFX 100 කැමරාවෙන් ලබාගත් ඡායාරූපයක් ƒ/8 | 1/60s | ISO 4000

කොහොම වුණත් කැමරාවේ විශේෂතා හෝ ගුණදොස් අඩුපාඩු ගැන සම්පූර්ණ විශ්ලේෂණයක් කරන්න තරම් කාලයක් ලැබුණේ නැහැ. ඒක කරලා බලන්න පුළුවන් ෆීල්ඩ් එකේ කැමරාව භාවිතා කරද්දි විතරයි.


ඔබට පුළුවන් පහලින් තිබෙන link එකෙන් GFX100 කැමරාවෙන් මම ලබා ගත්ත ඡායාරූප දෙකක් ඩවුන්ලෝඩ් කරගන්න.


802 views
Comments
Share Your ThoughtsBe the first to write a comment.
bottom of page