Pre-production
මේ ඡායාරූපය ගන්න කලින් ලොකු පෙර සුදානමක් කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. මොකද 07 වෙනිදා උදේ තමයි හරියටම දැනගත්තේ Port-City එක open කරනවා කියල. ඒ වෙලාවේ කරපු පලවෙනි දේ තමයි google maps වලින් හොඳ view point එකක් තෝරාගන්න එක.
View point හොයද්දි තැන් කිහිපයක්ම හම්බවුනා,
වැල්ලවත්ත හෝ බම්බලපිටිය හොඳ තැනක් හොයද්දි මතුවුන ලොකුම ගැටලුව තමයි Port-City එකේ view එක මුහුද පැත්තට තිබ්බ එක. ඒ නිසා city එක සහ fireworks එක පාර ගන්න නම් හොඳ focal length එකක් එක්ක අඩුම වැල්ලවත්ත පැත්තටවත් යන්න වෙනවා. නමුත් මගේ ළඟ තිබ්බේ 16-35 mm wide lens එක සහ 50mm lens එක විතරයි. අනික හවසට මුහුදේ haze එක එන නිසා කොහොමත් ඒ location හරියන්නේ නැහැ
Grand Hyatt Colombo Rooftop මෙතනටත් හොඳ view එකක් තියෙන්නේ ඇති. හැබැයි එච්චර ඉක්මනට rooftop යන්න permission ගන්න බැරි නිසා එතනත් අත අරින්නසිද්ද උනා.
Galle face මේ ප්‍රශ්න නිසා මගේ location එක ගෝල්ෆේස් වලට සිමා කරන්න සිද්ද වුනා. වෙලාවේ හැටියට හොඳම location එක ගෝල්ෆේස් එක විතරයි. එතනත් මගේ අවශ්‍ය view එක එන්නේ galleface hotel එක පැත්තට වෙන්න. ඒ නිසා කලින් ගිහින් මගේ frame එක හදා ගත්තා.
Framing
කොහොමත් එන්න කලින්ම මට අවශ්‍යය උනේ city view එකත් එක්ක fireworks වල photo එක ගන්න එක. ඒ නිසා මුහුදත් පේන විදිහට මම frame එක හදාගත්තා. හැබැයි මම හිටිය location එකට ලොකුවට city view එකක් පෙනුනේ නැහැ. ඊළඟට ආව තවත් ප්‍රශ්නයක් තමයි foreground එකේ මුහුදයි, city view එකයි එක පාර frame එකට capture වෙන්නේ නැති එක. ඒ නිසා ඒ වෙලාවේම photos දෙකක් අරගෙන vertical merge එකක් දාන්න බලාගෙන තමයි photo එක ගත්තේ.
ඊළඟ ආපු ගැටලුව තමයි fireworks පටන් ගන්න වෙලාවට ගොඩක් කළුවර නිසා foreground එක සහ background එකේ details පෙන්නේ නැතිවෙන එක. ඒ නිසා මං කළේ blue hour එකේදි background එකට අවශ්‍ය photos 2ක කලින් අරගත්ත එක.
ඊළඟට fireworks පටන් ගන්න පැත්තටම frame එක හදාගෙන fireworks පටන් ගන්නකම් හිටියා frame එක වෙනස් කරගන්නේ නැතුව. වැරදිලාවත් frame එක වෙනස් වුනානම් photo post process කරද්දී මුළු මහන්සියම අපතේ යනවා.
Camera Settings
Background
Fireworks
Shutter Speed: BULB mode BULB mode එක නිසා මල් වෙඩි පටන් ගන්න වෙලාවට shutter button එක press කරලා මල්වෙඩි ඉවර වෙන වෙලාවට shutter button එක release කරා. මොකද, shutter speed වෙනස් කර කර එවෙලේ ගන්න ගියා නම් මල් වෙඩි capture කරගන්න යන වෙලාව වරදින්න තිබ්බා.
ISO: 250
Aperture: ƒ/7.1
Aperture එක ƒ/7.1ට වගේ ගියේ photo එකේ sharpness හොඳ මට්ටමක තියාගන්න අවශ්‍ය නිසා.
Focus: Manual focus
Post-production
Photo එක ගන්න කලින්ම shot දෙකකින් background එක වෙනම අරන් තිබ්බ නිසා මුලින්ම කලේ ඒ ඡායාරූප දෙක process කරපු එක.
ඊළඟට කලේ main background photo එකයි මල් වෙඩි වල ඡායාරූපයි එක උඩ තියල blending mode එක Lighten වලට වෙනස් කරපු එක. එතකොට fireworks තියෙන ෆොටෝස් වල කළුපාට විතරක් අයින් වෙලා background photo එකට ගානට blend වෙනවා.
ඊළඟට බොහොම සරලවම කරන්න තියෙන්නේ fireworks වල හදාගත්ත photo එකයි, මුහුද එක්ක ගත්ත foreground එකේ photo එකයි vertical panorama එකක් හැටියට එකතු කරගත්ත එක.
Post එක හොඳ නම් පහල තියෙන ❤ ලකුණ press කරලා, අනිත් අයටත් කියවන්න share කරන්න.
Comentarios