top of page

DSLR කැමරාව Lightroom සමග සම්බන්ධ කරලා ඡායාරූප ගන්න පුළුවන් ද?


ගොඩක් දෙනා නොදන්න දෙයක් තමයි, DSLR වර්ගයේ කැමරාවක් Adobe Lightroom සමඟ භාවිතාකරන්න පුළුවන් බව. Canon, Nikon, Leica වර්ගයේ DSLR කැමරා ගණනාවක් Lightroom සමග සම්බන්ධ කරන්න පුළුවන්. දැනට SONY වර්ගයේ කැමරා නම් support කරන්නේ නැහැ.

(මෙතැනින් බලන්න පුළුවන් Lightroom support කරන කැමරා වර්ග මොනවද කියල. https://helpx.adobe.com/lightroom/kb/tethered-camera-support.html)


Source: https://31csme3pssfltgd81lo7eu19-wpengine.netdna-ssl.com/wp-content/uploads/2016/04/teth1.jpg

ඇත්තටම කොහොමද ඔබේ කැමරාව Lightroom සමඟ සම්බන්ධ කරන්නේ? මේක ඇත්තටම ලේසි වැඩක්. මේ ක්‍රමයට කියන්නේ “Lightroom Tethered Capture” කියලා.

මේ ක්‍රමය ඔස්සේ Lightroom භාවිතා කරලා ඡායාරූප ගන්නත් පුළුවන්, කැමරාවේ තියෙන ඡායාරූප Lightroom වලට auto import කරගන්නත් පුළුවන්. මේ ක්‍රමයේ තියෙන ප්‍රධානම වාසිය තමයි ඡායාරූපය ගන්න වෙලාවේම RAW ඡායාරුපය post process කරලා බලන්න පුළුවන් එක.

මේ සඳහා ඔබට අවශ්‍යය වෙන්නේ "DSLR කැමරාව" සහ "කැමරාව සමග එන USB cable" එක විතරයි. කැමරාව Lightoom සමඟ සම්බන්ධ කරන විදිහ පියවරෙන් පියවර පහලින් තියෙනවා.

01. ඔබේ කැමරාව සමග එන USB cable එක හරහා කැමරාව පරිඝනකයට සම්බන්ධ කරගන්න.


02. කැමරාව පරිඝනකයට සම්බන්ධ කරගත්තට පස්සේ Lightroom Classic CC (Lightroom 6 හෝ 7) open කරගන්න.


03. ඉන්පසුව File > Tethered Capture > Start Tethered Capture වෙත යන්න.


04. Tethered Capture Settings වල කොහොමද ඡායාරූප import කරගන්නේ කියල තෝරගන්න.

මෙතනදී පුළුවන් ඡායාරූප පරිඝනකයේ කොහෙදට save වෙන්න ඕනේ, ඡායාරූපය නම් වෙන්නේ කොහොමද කියල තීරණය කරන්න.


05. ඉන්පසු OK එක click කරලා settings ටික save කරගන්න.

06. දැන් ඔබට පුළුවන් tethered capture bar එක භාවිතා කරලා ඡායාරූප ගන්න. එහෙම නැත්නම් කැමරාවෙන් ඡායාරූප ගන්න. කොහොම ඡායාරූපය ගත්තත් Lightroom වලට ඡායාරූපය auto import වෙනවා.


ඡායාරූපය import වෙද්දී Lightroom වල වම් පැත්තේ ඉහල කෙලවරේ ඒ බව පෙන්නනවා. import වෙලා ඉවර උනාම කුරුමිණියෙක් කෑගහනව වගේ පොඩි සද්දයක් එයි. 😛


Lightroom tethered capture භාවිතා කිරීමේදී මතු වෙන්න පුළුවන් ප්‍රයෝගික ගැටළු මොනවද?

  • Canon 60D, 5D Mark III, 5D Mark IV සහ EOS 1D X භාවිතා කරද්දී කැමරාවේ SD card එක අනිවාර්යයෙන් කැමරාව තුල තියෙන්නේ ඕනේ. නැත්නං tethering හරි විදිහට වැඩ කරන්නේ නැහැ.

  • Tether bar එකේ capture button එක භාවිතා කරලා ඔබ Nikon කැමරාවෙන් ඡායාරූප ගන්නවා නම්, ගත්ත ඡායාරූපය පරිඝනකයට download වෙලා ඉවර වෙනකන් ඉන්න ඕනේ. හැබැයි කැමරා එකේ shutter release button එක press කරලා ඡායාරූප ගනිද්දී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

  • Nikon කැමරාවක් නම් භාවිතා කරන්නේ එකපාර සම්බන්ධ කරන්න පුළුවන් එක කැමරාවක් විතරයි.

  • Nikon කැමරාවක් භාවිතා කරලා මේ විදිහට ඡායාරූප ගනිද්දී කැමරාවේ CF card එකේ photos save වෙන්නේ නැහැ. පරිඝනකයේ විතරයි save වෙන්නේ.

ඉදිරියේදී මේ ගැන සිංහලෙන් video tutorial එකකුත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. 😁

මීට අමතරව මතුවන වෙනත් ප්‍රායෝගික ගැටළු, අදහස්, යෝජනා සහ චෝදනා පහලින් comment කරන්න. ලිපිය වැදගත් උනා නම් යහළුවන් සමග share කරන්න අමතක කරන්න එපා. 😊

121 views
Comments
Share Your ThoughtsBe the first to write a comment.
bottom of page