top of page

This photo was taken 1600 feet under the ground

Updated: May 10, 2020


Bogala mine
10mm | ƒ/4.5 | 1/60s | ISO 2500

මෙම ඡායාරූපය ලබාගත්තේ 2014 වර්ෂයේදී බෝගල මිනිරන් පතලේ ඡායාරූප ගන්න ගිය අමතක නොවන සංචාරයකදී. මෙම ඡායාරූපය ලබා ගත් තැනට යන්න අපි බෝගල මිනිරන් පතලේ අඩි 1600 පමණ පොළොව යටට ගමන් කළා.


මේ වගේ තැනක ඡායාරූපයක් ගන්න එක අතිශය අපහසු කාරණාවක්. ඒකට හේතුව තමයි මිනිරන් පතල ඇතුලෙදි අතරින් පතර ඇති ආලෝක ලාම්පු හැරුණුකොට වෙනත් කිසිදු ආලෝක ප්‍රභවයක් පතල තුළ දක්නට නොලැබෙන එක.


ඒත් එක්කම පොළොව යටට ගමන් කරන්න ගමන් කරන්න ශරීරයට දැනෙන පීඩනය සහ රස්නය නිසා ඇහෙන් කනෙන් හැමතැනින්ම වතුර වගේ දාඩිය ගලන එක සහ කන් අගුල් වැටීම නිසා තරමක් අපහසුවක් දැනෙන එන එක ලොකු අපහසුවක් .




කලින් කිව්වා වගේ ඡායාරූප ගනිද්දි ඇතිවෙච්ච ලොකුම බාධකය තමයි ආලෝකය අවම වීම. මේ සංචාරය සඳහා මම ගෙන ගියේ මගේ පළවෙනි කැමරාව වන canon 70D කැමරාව සහ ඒ වෙද්දි අලුතෙන්ම ලබාගත් EF-S Canon 10-18 mm lens ඒක. එනිසා සංචාරය පුරාවටම කැමරාවේ settings වූයේ ISO 2500, f/4.5 සහ 1/25 sec - 1/60 shutter speed එකක්.


මගේ කැමරාවේ low light performance සෑහෙන මදිකම නිසා ලබාගත් සියලුම ඡායාරූප වල සෑහෙන noise එකක් තිබුණා.




කෙසේ නමුත් පැයක විතර දෝනාව ඇතුලේ කරපු සංචාරයේ අවසානය වුණේ අලුතෙන් කණිමින් තිබුණු උමගක ඡායාරූප ගන්න ළඟා වීමත් සමග. එතනදී ඡායාරූපයක් ගන්න තිබුණු ලොකුම බාධාව තමයි විදුම් යන්ත්‍රය නිසා වාතයේ අධික ප්‍රමාණයක් මිනිරන් අංශු තිබීම.


සරලවම කියනවනම් තප්පර දහයක් පහලවක් හිටියත් කැමරාවේ සහ ශරීරයේ මිලිමීටර් එකක පමණ මිනිරන් තට්ටුවක් තැන්පත් වෙන එක.



එම නිසා මෙම ඡායාරූපය ගැනීමට සිදු වූයේ විදීමේ යන්ත්‍රය නවත්වනවාත් සමගම පමණයි. මේ අවස්ථාවේදී කැමරාවෙ සෙටින්ස් shutter speed එක 1/60 ලෙස වෙනස් කළා motion blur එකක් ඇතිවීම වැළැක්වීම සඳහා. නමුත් ප්‍රතිඵලය වුණේ ආලෝකය අඩු අඳුරු ඡායාරූපයක් සටහන් උන එක.


ඔය අතරතුර තමයි වාසනාවන්ත ලෙස වෙනත් ඡායාරූප ශිල්පියකුගේ pop-up flash ආලෝකමත් වුන මෙම ඡායාරූපය සටහන් වුණේ.



බැලූ බැල්මෙන්ම මෙය over exposure ඡායාරූපයක් ලෙස පෙනුණත්, මීට කලින් Exposing to the right (ETTR) ක්‍රමවේදය ගැන දැනගෙන තිබුණු නිසා මෙම ඡායාරූපය කිසිදු ගැටළුවක් නැති ඡායාරූපයක් ලෙස delete නොකර තබාගත්තා.


Exposing to the right (ETTR) කියන්නේ රැස් කරගත හැකි උපරිම ආලෝකයක් histogram එකේ midtone සහ highlights වල සටහන් කර ගැනීම. එතකොට shadows වල සහ black වල details ගොඩක් දුරට බේරගන්න පුළුවන් වෙනවා.


පහල තියන histogram දෙක දිහා බැලුවාම ඔබට අවබෝධ කරගන්න පුළුවන් වෙයි සාමාන්‍ය අනාවරණයක් සහිත ඡායාරූපයෙ details සටහන් වීම සහ ETTR ඡායාරූපයෙ details සටහන් වීම අතර පරතරය.



කොහොම නමුත් නොදැනුවත්වම ආලෝකමත් වීම නිසා අවසාන ප්‍රතිඵලය වූයේ, Exposing to the right (ETTR) නිසා ISO 2500 දී වූවත් Noise අවම හොඳ ඡායාරූපයක් සටහන් කර ගන්න හැකිවීම.


ඡායාරූප කෙසේවෙතත් ඒ සංචාරය අලුත් මිත්‍රයින් ගණනාවක් මුනගැහුනු සහ ඡායාරූප ශිල්පියෙක් හැටියට වෙනස්ම අත්දැකීමක් ලබපු ගමනක් වුනු බවට නම් කිසිදු සැකයක් නැහැ.


මේ තියෙන්නේ ඒ ගමනේදී මම කරපු video එකක්


ලිපිය හොදනම් පහල තියෙන ♥ ලකුණ press කරලා අනිත් අයටත් කියවන්න share කරන්න. ලිපිය ගැන ඔබේ අදහස් පහළින් comment කරන්නත් අමතක කරන්න එපා.



266 views
Comments
Partagez vos idéesSoyez le premier à rédiger un commentaire.
bottom of page