top of page

Adobe Photography Plan ලංකාවට මිලදී ගන්නේ කොහොමද?

Updated: Jan 24, 2022



ලංකාවේ Adobe softwares භාවිතා කරන අයට තියෙන ලොකුම ගැටලුව තමයි Adobe Online Subscription ලංකාවට support කරන්නෙ නැති එක. එහෙම නැත්නම් direct purchase support කරන්නෙ නැති එක.


විශේෂයෙන්ම, රැකියාවක් හැටියට ඡායාරූපකරණයේ නියැලෙන නිර්මාණකරුවන් මේ නිසා විශාල අපහසුතාවයකට ලක් වෙනවා. මොකද කාලෙන් කාලෙට crack softwares හොයන එකයි adobe softwares crash වෙන එකයි එපා වෙන හින්දා.

කොහොම නමුත් මේ ලිපියෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද Adobe Photography Plan (Online Subscription) එක තමන්ගෙ නමටම, අතර මැදියෙක් නැතුවම Adobe site එකෙන්ම මිලදී ගන්න කියලා.


දැනට ඔබ ලංකාවේ Adobe account එකක් භාවිතා කරනවා නම් මේ වැඩේ කරන්න බැහැ. ඒ නිසා ඔයාට සිද්ධ වෙනවා අලුත්ම Adobe US account එකක් හදාගන්න. මේ සඳහා මුලින්ම කරන්න ඕනේ තමන්ගෙ නමට US ලිපිනයක් හදාගන්න එක.


01.MyUS


මේක කිසිසේත්ම තමන්ගේ නමට ව්‍යාජ ලිපිනයක් සාදා ගැනීමක් නෙමෙයි. සරලවම කියනවා නම් මේ ක්‍රමයෙන් තමන්ගෙ නමට ඇමරිකානු ලිපිනයක් මේ ආයතනය විසින් ලියාපදිංචි කරනවා. (ඕනම නම්, මේ ලිපිනයට ඇමරිකාවෙන් භාණ්ඩ මිලදීගෙන ලංකාවට ගෙන්න ගන්නත් පුලුවන්)


මේ ලින්ක් එකට ගිහිල්ලා අළුතෙන් account එකක් හදාගන්න.



මේ සඳහා කිසිසේත්ම මුදල් ගෙවීමට අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. Free account එකකින් වැඩේ කරගන්න පුළුවන්. Free account එක හදද්දි තමන්ගේ PayPal account එක අලුතෙන් හදන My US Address එකත් එක්ක link කරන්න වෙනවා.


"නැවතත් කියනවා, පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ සත පහක් වත් මේ සඳහා ඔබෙන් අය වෙන්නේ නැහැ"


ඊලඟට කරන්න තියෙන්නෙ මේ හදාගත්ත එකවුන්ට් එකේ තියන ලිපිනය copy කරගන්න එක.



02. Buy Adobe Photography Plan




මේ Adobe ලින්ක් එකට ගිහිල්ලා අලුතෙන් adobe account එකක් දැන් හදාගන්න පුළුවන්.


දැන් මෙතනදි address එක වශයෙන් ඔබ දෙන්න ඕනේ ඔබ කලින් හදාගත්ත ඇමරිකානු ලිපිනය.



ඊලඟට කරන්න තියෙන්නෙ අලුතෙන් හදාගත්ත adobe account එකට තමන්ගේ payment details ඇතුලත් කරන එක. මේකෙදි payment details වලට ඔබේ ලංකාවේ Debit හෝ Credit කාඩ් පතේ තොරතුරු ලබාදෙන්න.


! Sign-up වෙද්දී mobile number එක දෙන්න එපා. Account එක හදාගත්තට පස්සේ පුළුවන්, 2 factor authentication verification එකට ඔබේ ලංකාවේ mobile number එක දෙන්න.


වැඩේ ඉවරයි! දැන් තමුන්ගේ නමටම Adobe Photography Plan එකක් තියෙනවා! 😀


 

Adobe Photography Plan භාවිතා කරන්න මාසෙට කීයක් ගෙවන්න ඕනෙද?

  • හැම මාසෙම අන්තිම දවසේ රුපියල් 1,850 ක් වගේ තමයි ගෙවන්න ඕනේ.


Genuine Adobe Plan එකක් භාවිතා කරන එකේ වාසි මොනවාද?


  • ඔබ ගෙවන මුදලට, Adobe Photoshop, Adobe Lightroom CC, Adobe Lightroom Classic CC, Adobe Portfolio, Adobe Bridge සහ Adobe Lightroom mobile කියන මේ Softwares ඔක්කොම ලැබෙන එක.

  • මේ ප්ලෑන් එකත් එක්ක 20GB cloud storage එකක් ඔබට ලැබෙනවා.

  • Computers දෙකකුයි Mobile device එකයි synchronize කරන්න පුළුවන් හින්දා devices අතර බොහොම ලේසියෙන් වැඩ කරන්න පුළුවන් වීම.

  • ලොකුම වාසිය තමයි තවදුරටත් crack softwares බාවිතා කරන්න වෙන්නේ නැති හින්දා සහ හැමතිස්සෙම software එක update වෙන හින්දා Adobe Photoshop සහ Lightroom stuck වෙන්නැතුව භාවිතා කරන්න ලැබීම. අනිත් එක crack software හොය හොය දගලන්න ඕනෙත් නැහැ..

  • Subscription ප්ලෑන් එක හින්දා හැම අවුරුද්දෙම release කරන අලුත්ම software එක release කරපු සැනින් තමන්ට ලැබීම.


මාසෙට ගෙවන්න වෙන මුදල වැඩි නැද්ද?


  • ඔබ ආදායම් මාර්ගයක් හැටියට ඡායාරූපකරණය කරන කෙනෙක් නම් මේ මුදල කිසිසේත්ම දැනෙන්නේ නැහැ.

  • හැබැයි මේ මුදල ගණන් වැඩි කෙනෙක්ට කැමතිනම් පුලුවන්, Adobe Photography Plan එක මිලදීගෙන යාලුවෙක් එක්ක එකවුන්ට් එක බෙදා ගන්න. මොකද මේ හැම සොෆ්ට්වෙයාර් එකක්ම devices දෙකක install කරන්න පුළුවන්. එතකොට මාසෙට එක්කෙනෙක්ට යන්නේ රුපියල් 900ක් මුදලක්.


මේ ප්ලෑන් එකේදි තමන්ටම කියලා වෙබ් අඩවියක් හදාගන්න පුලුවන්ද?


  • පුළුවන්. මොකද මේ ප්ලෑන් එකත් එක්ක Adobe Portfolio එකෙන් අපිට වෙබ් අඩවි හදාගන්න පුළුවන්. තමන්ගෙම domain එකක් භාවිතා කරනවා නම් ඒ සඳහා විතරයි අමතර ගෙවීමක් කරන්න වෙන්නේ. ඊට අමතරව professional creators ල භාවිතා කරන Behance එකවුන්ට් එක Adobe Portfolio එකත් එක්ක සම්බන්ධ කරන්නත් පුළුවන්.

ලිපිය වැදගත් වුනා නම්, පහල තියෙන ♥ එක press කරල, අනිත් අයටත් කියවන්න ශෙයා කරන්න.

Adobe CC Photography ප්ලෑන් එක ගැන මොන හරි වෙනත් ගැටලුවක් තියෙනවා නම් පහලින් comment එකක් දාල යන්න. මම රිප්ලයි එකක් දාන්නම්. මගේ අනිත් ලිපි කියවන්න මේ link එකට යන්න 😀





1,630 views
Comments
Share Your ThoughtsBe the first to write a comment.
bottom of page