top of page

Luminar 4.2 includes AI Augmented Sky - සිංහලෙන්

Updated: Dec 6, 2020


ree

Luminar වල අලුත්ම version එක තමයි Luminar 4.2. මේ version එකේදී performance enhancements වගේම photo manipulation භාවිතා කරන්න පුළුවන් AI Augmented Sky කියන අලුත්ම කොටසත් එකතුවෙලා තියෙනවා. මේ feature එකෙන් පුළුවන් තත්පර කිහිපයකින් surreal photo එකක් බොහොම ලෙහෙසියෙන් නිර්මාණය කරගන්න.


ree

ree

නම වගේම AI Augmented Sky කියන්නේ computer vision සහ machine learning තාක්ෂණය සමග නිර්මාණය කෙරුණු tool එකක්. සරලවම කියනවා නම් කලින් Luminar version වල තියෙන AI Sky Replacement feature එකේම වැඩි දියුණු කිරීමක්. මේ tool එකෙන් පුළුවන් අපිට ඉතා සංකීර්ණ object එකක් උනත් බොහොම ලෙහෙසියෙන් අහසට ඇතුලත් කරන්න.


ree

මේ tool එක සාමාන්‍ය සරල අහසකට විතරක් නෙවෙයි. ගොඩනැගිලි සහ ගස් තියෙන “සංකීර්ණ අහසකට” වුණත් masking කරන්නැතුව බොහොම ලෙහෙසියෙන් යොදාගන්න පුලුවන්.


පහල තියන පින්තූර වලින් බලාගන්න පුළුවන් මොනවගේ දේවල්ද මේ tool එක හරහා අපට ඇතුලත් කරන්න පුලුවන් කියලා.



ree

ree

ree

AI Augmented Sky මේ update එකෙන් ආපු ‍ ප්‍රධානම feature එක වුණත්, මීට අමතරව AI portrait tool එකෙත් වැඩිදියුණු කිරීම කරල තියෙනවා. විශේෂයෙන් “Shine Removal” එකෙන් පුළුවන් portraits වල මුහුණෙ තියෙන දිලිසෙන සුළු ගතිය බොහොම ලෙහෙසියෙන් ඉවත් කරන්න.


ree

ඒත් එක්කම AI Portrait Enhancer එකේ ආපු මුහුණු slim කරන්න පුළුවන් tool එක Slim Face 2.0 Technology සමග වඩාත් තාත්විකව කරන්න හැකියාව තියෙනවා. Luminar 4.2 Free update එකක් හැටියට දැනට Luminar භාවිතා කරන අයට නොමිලේම ලබාගන්න පුළුවන්.


Luminar අලුතින් මිලදී ගන්නා අයට $89 කට මේ software එක මිලදී ගන්න පුළුවන්. මිලදී ගන්න යද්දි Promo Code එක හැටියට GANIDU කියල දුන්නොත් ඔබට අමතර $10ක discount එකක් ලබාගන්න පුළුවන්.


ලිපිය වැදගත් උනානම් පහලින් comment එකක් දාලා පහල තියෙන ❤ ලකුණ press කරලා, අනිත් අයටත් කියවන්න share කරන්න.

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
© Ganidu Balasuriya
  • Grey Facebook Icon
  • Grey Instagram Icon
  • Grey YouTube Icon
  • Grey LinkedIn Icon
bottom of page