top of page

Capture One 21 (14.0.0) - Sinhala

Updated: Jun 22, 2023



අලුත් features ගණනාවක් සමගින් Capture One 21 අද රිලීස් වුණා. මේ ලිපියේ තියෙන්නේ අලුතෙන් රිලීස් වෙච්ච Capture One 21 software එකේ අලුතෙන් හම්බෙච්ච features මොනාද කියන එක ගැන.


01. Speed Edit


Capture one පලවෙනි වතාවට භාවිතා කරන කෙනෙක්ට තියෙන ලොකුම ගැටලුව තමයි capture one වල interface එක තරමක් නුහුරු වීම. මේකට විසඳුමක් වශයෙන් Capture One 21 වලදී ඉතා වේගයෙන් සහ පහසුවෙන් photos edit කරන්න පුලුවන් ආකාරයට සොෆ්ට්වෙයා එක හදලා තියෙනවා.



සරලවම කිව්වොත් ඉන්ටර්ෆේස් එකේ තියෙන sliders ටච් කරන්නැතුව මං කීබෝඩ් එකේ hot keys භාවිතා කරලා ඡායාරූපයෙ processing settings වෙනස් කරගන්න පුළුවන්.




02. Dehaze


Lightroom, Luminar, Photoshop භාවිතා කරන කෙනෙක්ට නම් මේ ටූල් එක අමුතු දෙයක් නෙමෙයි. කොහොම වුණත් lightroom වල වගේම Dehaze tool එකක් මේ පාර Capture One 21 software එකේ අන්තර්ගත කරලා තියෙනවා.


මේ dehaze tool එක Lightroom වල ටූල් එකට වඩා තාත්වික විදිහට haze එක control කරන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

03. New ProStandard Profiles


Capture one වලට අලුතින් එකතු වුණ කැමරා profile එකක් තමයි ProStandard කියන්නේ. මේ profile එක තුලින් අපි ලබාගන්න RAW ඡායාරූපයෙ colours ගොඩක් දුරට natural විදිහට තියාගන්න භාවිතා කරන්න පුළුවන්.


Capture One ආයතනය සඳහන් කරන ආකාරයට විවිධ camara model අතර එකම ආකාරයෙන් වර්ණ ගලපා ගැනීමට මේක සෑහෙන වැදගත් වනවා.



ProStandard Profiles සෑම කැමරාවකට ම ලැබෙන්නේ නැහැ. දැනට ProStandard Profiles භාවිතා කරන්න පුළුවන් පහල තියෙන කැමරා වර්ග කිහිපයට විතරයි.


Sony

a7 III, a7R II, a7R III, a7R IV, a7C, a6000, a6300


Nikon

D810, D850, Z6, Z7


Canon

5D II, 5D III, 5D IV, 5DS R, R5, R6


Phase One

IQ3 100MP, IQ4 150MP


Leica

S3, SL2


කොහොම වුණත් අනිත් කැමරා භාවිතා කරන අය කණගාටුවෙන්න අවශ්‍ය නැහැ. මොකද ඉදිරියේදී තවත් කැමරා ගණනාවකට ProStandard Profiles support කරන විදිහට අප්ඩේට් එකක් එනවා.



04. HEIC support


Capture One 21 8-bit HEIF ෆෝමැට් එකටත් support කරන විදිහට තමයි software එක මේ පාර හදලා තියෙන්නේ. මේක වැදගත් වෙන්නේ අලුතෙන් එන apple iphone භාවිතා කරන අයට. මොකද දැන් iphone වල photos save වෙන්නේ HEIF ෆෝමැට් එකෙන්. ඒ හින්දා HEIF photos Import කරන්න සහ එඩිට් කරන්න නම් HEIF support කරන software එකක් භාවිතා කරන්න වෙනවා.


ඔබ තවමත් capture one භාවිතා කර නොමැති කෙනෙක් නම් පහල තියන ලින්ක් එකෙන් Capture One වන් අලුත්ම Capture One 21 ඩවුන්ලෝඩ් කරලා දවස් තිහක් නොමිලේ බාවිතා කරන්න පුලුවන්.



Q&A


Capture One 21 software එක Free download කරගන්නේ කොහොමද?


ඔබ Sony, Nikon හෝ Fuji කැමරා භාවිතා කරන කෙනෙක් නම්, ඔබේ කැමරාවත් සමගම capture one software එක නොමිලේම ලැබෙනවා. පහල තියන link එකට ගිහිල්ල පුළුවන් තමන්ගේ කැමරාවට අදාළව නොමිලේම Capture One download කරගන්න.



Capture One 21 මිලදී ගන්නේ කොහොමද?


මෙම ක්‍රම දෙකටම capture one මිලදී ගන්න පුළුවන්.

  • Subscription එකක් හැටියට මිලදී ගන්නවා නම් මාසෙකට $24 ක් වෙනවා. subscription එකේදි හැම අවුරුද්දෙම release වෙන අලුත්ම software නොමිලේම අන්තර්ගත වෙනවා.

  • එකපාර මුදල් ගෙවීමක් හැටියට ගන්නවනම් $299 වෙනවා.



Capture One install කරන්න minimum system requirements මොනවාද?


Windows Windows 8.1® 64-bit or Windows 10® 64-bit

Intel or AMD CPU with 2 cores

10 GB free disk space

8 GB of RAM


Mac MacOS 10.13, 10.14, or 10.15

Intel CPU with 2 cores

10 GB free disk space


8 GB of RAM


ලිපිය වැදගත් වුනා නම්, පහල තියෙන ♥ එක press කරල, අනිත් අයටත් කියවන්න ශෙයා කරන්න.


ලිපිය ගැන ඔබේ අදහස් පහලින් comment කරන්නත් අමතක කරන්න එපා 😀

මගේ අනිත් ලිපි කියවන්න මේ link එකට යන්න 😀



640 views
Comments
Share Your ThoughtsBe the first to write a comment.
bottom of page