Jan 29, 20181 min
Updated: Jan 28, 2019
Facebook හරහා ඡායාරූප පළකරන ඡායාරූප ශිල්පීන්ට තිබෙන ලොකුම ගැටලුව තමයි, facebook පිටු මෙහෙයවන පුද්ගලයින් ඔවුන්ගේ වටිනා ඡායාරූප හොරකම් කිරීම. අඩුම තරමේ නිසි ඇගයීමක්වත් ඡායාරූප ශිල්පියාට ලබාදෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මෙලෙස ඡායාරූප සොරකම් කරන පුද්ගලයින් ඡායාරූප ශිල්පියාගේ / ශිල්පිණියගේ දියසළකුණ මකා දමන්නත් අමතක කරන්නේ නෑ.
මෑතකාලයේ ඡායාරූප ශිල්පීන් ගණනාවකට මුහුණදෙන්න වෙච්ච අමිහිරි අත්දැකීමක් තමයි මේක. ගොඩක් අය මේ නිසා ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීම පවා නැවැත්තුවා. සමහර අය ඡායාරූප ගන්න එක පවා අතහැරියා. මේකට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද?
ඇත්තටම මෙවැනි සොරුන්ට සහ සොරකම් කරන ලද ඡායාරූප ඉවත්කිරීමට facebook සතුව දැනටමත් විධිමත් ක්‍රමයක් තිබෙනවා. හැබැයි ගොඩක් දෙනා මේ පිලිබඳ දැනුවත් නැහැ.
ඔබට පුළුවන් ඔබේ සොරකම් කරන ලද නිර්මාණය යොදා ඇති ඡායාරූප ඉවත් කරන්න සහ එවැනි සොරුන්ගේ fapebook පිටු තාවකාලිකව අත්හිටුවන්න. පියවරෙන් පියවර අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියල සහ තමන්ගේ වටිනා ඡායාරූප ආරක්ෂා කරගන්නේ කියලා.
පළමුව කරන්න ඕනේ තම ඡායාරූප ආරක්ෂා කරගන්න එක
මේක ඔබේ DSLR කැමරාවෙන් කරන්නත් පුළුවන්,
එහෙම නැත්නම් Lightroom වලින් ඡායාරූප import කරද්දීත් කරන්න පුළුවන්. (මිනිත්තු 02:58 බලන්න)
මේ ක්‍රමයෙන් ඔබට පුළුවන් අනිත් අයට දැනුම්දෙන්න, එම ඡායාරූපය ප්‍රකාශන හිමිකම් (Copyrights) සහිත ඡායාරූපයක් බව. එවිට බොහෝදෙනා ඡායාරූප අනවසරයෙන් ලබාගන්නට පෙර ඡායාරූප ශිල්පියාගෙන් අවසර ලබාගන්න පෙළඹෙනවා.