ඡායාරූපයක් එඩිට් කරන්නම ඕනෙද?


පළමු කාරණාව නිවැරදි වචන හඳුනාගන්න එක. Process / Edit / Manipulation 1. සැකසුම (Process)

1.1. පෙර සැකසුම (Pre processing)

Process (සැකසුම) කොටස් 2 යි. පෙර සැකසුම (pre processing) සහ පසු සැකසුම (post Processing). ඕනෙම ඡායාරූප ශිල්පියෙක් දැන හෝ නොදැන ඡායාරූපයකට පෙර සැකසුමක් කරනවා.

shutter speed / aperture / ISO / lighting / camera angle වගේ දේ වලින් කරන්නේ ඡායාරූපයට අදාල පෙර සැකසුම් ක්‍රියාවලිය සම්පුර්ණ කරන එක. එතැනදී ඡායාරූප ශිල්පියාගේ අත්දැකීම අනූව එම ක්‍රියාවලියේ සංකීර්ණත්වය තීරණය වනවා.

උදාහරණයක් හැටියට ඡායාරූප ශිල්පියාට නිවැරදි ආකාරයෙන් ආලෝකය හසුරවන්න පුළුවන් නම් ඡායාරූපය ගනිද්දිම මනා නිමාවක් සහිතව ඡායාරූපයක් ලබා ගන්න පුළුවන්. ඒවගේ ලංකාවේ අපි හොඳටම දන්න උදාහරණය Prasanna Iroshan. ඔහු ඡායාරූපය ගනිද්දිම නිවැරදි ලෙස ආලෝකය හසුරවලා ඡායාරූපය ලබාගන්නවා.

පහතින් තියෙන්නේ ඒ වගේ OCL (Off-Camera Lighting) භාවිතා කරලා ඡායාරූපයක් ගන්න ආකාරය.


පෙර සැකසුමේදී (pre process) ආලෝකය හැසිරවීම කියන්නේ අතිශය වැදගත් දෙයක්. මොකද නිවැරදි ලෙස ආලෝකය පාලනය කිරීම මගින් Shadows / Mid tones / Highlights/ sharpness වගේ දේවල් මූලික ලෙස පාලනය කරගන්න පුළුවන් නිසා. එහෙම බැලුවම ඡායාරූපයක pre process කියන්නේ බොහෝ දුරට නිවැරදි ලෙස ආලෝකය පාලනය කිරීම.

හැබැයි පෙර සැකසුමේදී (pre process) උනත් යම් යම් සිමාවන් තියෙනවා. උදාහරණයක් හැටියට JPEG වර්ගයේ ඡායාරූපයක් ගනිද්දී White balance / Contrast / Shadows / Mid tones / Highlights / sharpness වගේ දේවල් process වෙලා compress වෙලා තමයි ඡායාරූපය save වෙන්නේ. එම නිසා ඡායාරූප ශිල්පියා සිතනවා නම් ඡායාරූපය ගැනීමේදීම process කිරීමේ ක්‍රියාවලිය අවසන් විය යුතුයි කියල, JPEG photo එකක් ගන්න පුළුවන්.

හැබැයි මෙය ඡායාරූප ක්ෂේත්‍රය සහ ඡායාරූපයේ ස්වභාවය අනූව වෙනස්වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට wildlife / candid / street photography / photojournalism වලදී පෙර සැකසුම් ක්‍රියාවලියෙන් සිමාවෙන්න හැකියාවක් තිබුනත්, Landscape / Product / fashion / architectural වැනි ක්ෂේත්‍රයකදී process කිරීමේ ක්‍රියාවලිය එතනින් පමණක් සිමා කරන්න අපහසු වෙන්න පුළුවන්. අන්න ඒවගේ අවස්ථාවකදී තමයි post process (පසු සැකසුම) වැදගත් වෙන්නේ.

1.2. පසු සැකසුම (Post Process)


පසු සැකසුම් ක්‍රියාවලියේ මූලික අරමුණ තමයි පෙර සැකසුමේදී (pre process), එහෙම නැත්නම් ඡායාරූපය ගැනීමේදී පාලනය කරන ලද සාධක තව දුරටත් පාලනය කිරීම.

උදාහරණයක් හැටියට යම් ඡායාරූප ශිල්පියෙක් ඡායාරූපය ලබන්නේ RAW ආකාරයෙන් නම්; ඔහුට පුළුවන් post process කිරීමේදී, White balance / Exposure / Shadows / Highlights / Vibrancy / Saturation / Lens profile correction / Remove chromatic aberration / Vignette remove / Upright correction වගේ සාධක පාලනය කරගන්න.

මෙහි ඇති වැදගත් කාරණය තමයි, pre process එකේදී පාලනය කරන්න අපහසු ඇතැම් සාධක පවා post process එකේදී පාලනය කරන්න පුළුවන් වෙන එක.

ගොඩක් අයට තියෙන ලොකුම ගැටලුව තමයි "post process එකේ තියෙන සිමාව" මොකද්ද කියන එක. ඉහත කරුණු කිහිපය හොඳින් බැලුවොත් පෙනේවි post process එකෙන් කරන්නෙ ඡායාරූපය ගැනීමේදී, අවසන් ඡායාරූපයට අදාලව පාලනය කරන්න බැරිවුණු හෝ තවදුරටත් පාලනය කරන්න අවශ්‍යය "තාක්ෂණික සාධක" නිවැරදි කිරීම කියලා.

එය තමයි post process එකේ සිමාව. උදාහරණයක් හැටියට landscape photo එකක් ගැනීමේදී කැමරාවෙන් පාලනය කිරීමට නොහැකි, තාක්ෂණික නිවැරදි කිරීමක් post process එකකදී අවශ්‍යය පමණට අවසන් කරගන්න පුළුවන්.


ඒ නිසා තමයි Canon Digital Photo Professional / Nikon Capture NX 2 / Capture one / Hasselblad Phocus / Adobe Camera RAW / Adobe Lightroom වගේ post processing software හඳුන්වා දී තිබෙන්නේ.

යම් ඡායාරූප ශිල්පියෙකුට තමන්ගේ නිර්මාණ ක්‍රියාවලිය තව දුරටත් කිරීමට අවශ්‍යනම්, එවන් අවස්ථාවකදී තමයි Edit එකක් අවශ්‍යය වෙන්නේ.

2. සංස්කරණය (Edit)

මෙයත් post process එකේම ඉදිරි අවස්ථාවක්. මේ කොටස බොහෝවේලාවට අදාලවෙන්නේ Landscape / Product / Modelling / Architectural / ඇතුළු Commercial photography වැඩ සඳහා. මෙම කොටස 100%ක්ම නිර්මාණාත්මක කාණ්ඩයට අදාල වන කොටසක්. මෙම කොටස උදාහරණ මගින්ම පැහැදිලි කරන්නම්.

ඇතැම් අවස්ථාවකදී Landscape / Startrail / Milkyway photo එකක් ගන්න ඡායාරූප ශිල්පියෙකුට, තමන්ට අවශ්‍ය අවසන් නිර්මාණය ලබාගන්න luminosity masking / Digital bending / Advance noise removing ක්‍රමවේද අවශ්‍යය වෙන්න පුළුවන්. ඒවගේ අවස්ථාවකදී ඡායාරූප ශිල්පියාට, pre process එකෙන් හෝ post process එකට අදාල තාක්ෂණික කරුණු නිවැරදි කිරීම මගින් පමණක් සීමාවෙන්න හැකියාවක් ලැබෙන්නේ නෑ.

product Photo එකක් ගන්න ඡායාරුප ශිල්පියෙකුට උනත් තමන්ගේ අවසන් නිර්මාණය ලබාගන්න යම් නිර්මාණාත්මක එකතු කිරීමක් එකතු කරන්න අවශ්‍යය නම්. අනිවාර්යයෙන්ම ඡායාරූපය සංස්කරණය කරන්න වෙනවා.

Architectural photo එකක් ලබාගැනීමේදී උනත් zone processing කරන්න අනිවාර්යයෙන්ම photo එක software එකක් ඔස්සේ එඩිට් කරන්න වෙනවා. fashion photo එකක උනත් ඡායාරූප ශිල්පියෙකුට frequency separation කිරීමට නම් අනිවාර්යයෙන්ම photo එක edit කරන්නම වෙනවා.

එමනිසා තමයි Adobe වැනි ආයතන Post processing software වලට අමතරව ඡායාරූප Edit කිරීම සඳහා Adobe Photoshop වැනි software හඳුන්වා දී තිබෙන්නේ. මීට අමතරව Google NIK / Imagenomic noiseware / Imagenomic portraiture වැනි software ගනනාවක් තියෙන්නේ ද ඡායාරූප ශිල්පියාට අවශ්‍ය නිර්මාණාත්මක ක්‍රියාවලිය සම්පුර්ණකරගැනීම සඳහායි.

photo එකක් Edit කිරීම commercial photography වලට විතරක් සිමාවෙන්නේ නෑ. යම් ඡායාරූප ශිල්පියෙකුට සිතෙනවා නම් තමන්ගේ අවසන් නිර්මාණය ලබාගැනීමට සංස්කරණයක් කරන්න ඕනේ කියල, එලෙස කිරීමේ කිසිඳු නිර්මාණාත්මක වැරද්දක් නෑ. ලෝකප්‍රකට Steve McCurry වැනි ඡායාරූප ශිල්පීන්ද තමන්ගේ අවසන් ඡායාරූප ලබාගැනීම සඳහා ඇතැම් සංස්කරණ සිදුකර තිබෙනවා.


3. Photo Manipulation

මේක වෙනමම දෙයක්. කොටින්ම කිව්වොත් Manipulation කියන්නේ ඡායාරූපකරණයටම අදාළ, වෙනමම නිර්මාණාත්මක ක්‍රියාවලියක්. මෙහිදී වෙන්නේ ඡායාරූප දෙකක් හෝ කිහිපයක් යොදාගෙන යම් කිසි ප්‍රකාශනයක් සිදු කිරීමයි. Erik Johansson වැනි විශිෂ්ඨ ඡායාරූප ශිල්පීන්ගේ නිර්මාණ දෙස බැලුවොත් එය මනාව අවබෝධකරගන්න පුළුවන් වේවි.

​ © Eric Johansson

ඉහතින් කියල තියෙන දේවල් හොඳින් බැලුවොත් පෙනේවි Process / Edit / Manipulation කියන්නේ photography ලෝකයේ ඇති එකිනෙකට වෙනස් ක්‍රියාවලි 3ක් කියල.

මේ කිසිම දෙයක් කරන්න ඕනෙද, නැද්ද කියලා පූර්ව නිගමනය කරන්න අපිට බෑ. ඡායාරූපශිල්පියාට නිසි අවබෝධයක් තියෙන්න ඕනේ තමන්ට අවශ්‍යය දේ මොකද්ද, අනවශ්‍යදේ මොකද්ද කියලා අවබෝධ කරගන්න.

පරිණත ඡායාරූප ශිල්පියෙක් හැමවෙලාවෙම දන්නවා තමන්ගේ තාක්ෂණික උපක්‍රම, නිර්මාණාත්මක සීමාව කොතනින්ද අවසන් කරන්න ඕනේ කියලා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඡායාරූප ශිල්පියා හැම වෙලාවකම ස්වාධීනව සතත අභ්‍යාසයේ නිරත වෙනවා නම්, ඔහුට හෝ ඇයට පුළුවන් දවසින් දවස් ඡායාරූපකරණය පරිණත කරගන්න.

ඔබගේ අදහස්, යෝජනා සහ චෝදනා පහතින් comment කරන්න. 🙂 ප්‍රයෝජනවත් යැයි සිතනවා නම් යහළුවන් සමඟ share කරගන්න.


46 views