Jul 27, 20183 min
Updated: May 9, 2020
ඔබ අහලා ඇතැම් පුද්ගලයින් කියනවා
“ලංකාවේදී Landscape ෆොටෝස් ගන්න එක ටිකක් අමාරු වැඩක්. ඒකට එක හේතුවක් ලංකාවට වැටෙන ඉර එළිය...” වගේ කතන්දර.
මේක තනිකරම බොරු හේතුවක්. අපි දන්නවා පෘථිවිය හැඩය ගෝලාකාරයි කියලා. ඒ හින්දා හැම රටකටම ආලෝකය පතිත වෙන්නේ එකම කෝණයකින් නෙමෙයි. ඒ තමයි ස්වභාවධර්මයේ විවිධත්වය. ඒ නිසා හැම රටකටම ආවේනික සුන්දරත්වයක් තියෙනවා. පරිණත ඡායාරූප ශිල්පියෙක් හැම තිස්සෙම දන්නවා ඒ සුන්දරත්වය හොඳින් ග්‍රහණය කරගෙන Landscape ඡායාරූප ගන්න.
මොකද ලංකාව තරම් ස්වාභාවික විවිධත්වයක් සහ සුන්දරත්වයක් තියෙන රටක, පැය කිහිපයකින් එකිනෙකට වෙනස් Landscape ගණනාවක් හොයාගන්න පුළුවන්. කවුරුහරි කියනවා නම් ලංකාවේ Landscape Photos ගන්න බැහැ කියල, ඒක විහිළුවක්.
මේකත් බොරු මතයක්. Landscape Photos ගන්න හැම වෙලාවේම wide angle lens එකක් ඕනේ නැහැ. Wide angle lens එකක් බොහෝවිට ගැලපෙන්නේ හොඳ perspective එකක් තියෙන අවස්ථාවක.
© Ganidu Balasuriya
හැබැයි ලොකුවට perspective එකක් නැති අවස්ථාවක Landscape Photos ගන්න හොඳම zoom lens එකක්. මොකද, zoom lens එකකින් පුළුවන් ලොකු area එකක, හොඳ landscape photos ගණනාවක් ආවරණය කරගන්න.
Landscape Photos ගන්න කැමති ගොඩක් අය ප්‍රාරර්ථනා කරන දෙයක් තමයි වර්ණවත් අහසක් සහ හොඳ sunset එකක්. ඔව්, වර්ණවත් අහසක් සහිත ඡායාරූපයක් සුන්දරයි වගේම ආකර්ශනීයයි.
හැබැයි, කලින් කිව්වා වගේ ඒ ඒ “මොහොතේ / ස්ථානයේ” ආවේනික සුන්දරත්වය හසුකරගැනීම තමයි ඡායාරූප ශිල්පියෙක්ගේ හැකියාව වෙන්න ඕනේ. මොකද එකම ස්ථානය උනත්, විවිධ ආලෝක සහ කාලගුණික තත්වයන් යටතේ වෙනස්ම ආකාරයෙන් ඡායාරූප ගන්න පුළුවන්.
මේකත් ප්‍රසිද්ද මතයක්. අපි දන්නවා Aperture එකෙන්, එහෙමත් නැත්නම් ƒ අගයෙන් තමයි depth of field එක පාලනය වෙන්නේ. බොහෝවිට Landscape වලදී ƒ/8 - ƒ/11 අගයක් තියාගන්න ඕනේ කියන්නේ, ලොකු area එකක් sharp focus කරගන්න ඕනේ හින්දා. එහෙම නැත්තම්, large Aperture values (ƒ2.8-ƒ5.6) වලදී shallow DOF (depth of field) එකක් එන හින්දා.
හැබැයි මේක අනිවාර්ය නැහැ. එහෙම නැත්නම් large Aperture values වලදී Landscape Photos ගන්න බැරි කමක් නැහැ.
මොකද landscape වලදී shallow DOF එක එන්නේ focus point එක (subject එක) සහ background-foreground එක අතර පරතරය නිසා. හැබැයි හැම Landscape Photo එකකදීම අපි subject එකක් භාවිතා කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක infinity focus කරා කියල ඡායාරූපයට DOF එකෙන් ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ.
මේකත් තනිකරම බොරුවක්. ගොඩක් වෙලා post process කරා කියල ඡායාරූපයක් ගුණාත්මක හෝ හොඳ ඡායාරූපයක් වෙන්නේ නැහැ. ඒ වගේම layers ගාන වැඩිවුනා කියල ඡායාරූපයට අමුතු වටිනාකමක් එකතු වෙන්නේත් නැහැ.
අත්දැකීම් සහිත ඡායාරූප ශිල්පියෙක් දන්නවා තමන්ගේ process එක පටන්ගන්නේ කොහෙන්ද සහ ඉවර කරන්නේ කොහෙන්ද කියල. ඒ අනූව ඡායාරූපය ගන්න වෙලාවේම නිවැරදි ආලෝක තත්වය යටතේ නිවැරදි settings වල ඡායාරූපය ගන්න පුළුවන් නම්, ගොඩක් වෙලා post process එකේ කාලය ගතකරන ඕනේ නැහැ.
මොකද ඔබ Photoshop techniques 1000ක් දැනගත්ත කියල, ඒ 1000ම හැම වෙලාවේම apply කරන්න ඕනේ නැහැ. අත්දැකීම් සහිත ඡායාරූප ශිල්පියෙක් දන්නවා ඒ ඒ ඡායාරූපයට ඕනේ process එක විතරක් apply කරන්න.
මේකත් පුහු තර්ක 2ක්. Landscape නෙමෙයි කිසිම ඡායාරූපයකට කැමරාව Full frame ද, APS-C ද කියන එක අදාල වෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය ආලෝක තත්වයක් යටතේ ඔය කැමරා වර්ග දෙකේම ලැබෙන ප්‍රතිඵලය සමානයි.
හැබැයි, APS-C කැමරාවකට සාපේක්ෂව ඡායාරූපයේ තාක්ෂණික ගුණාත්මකභාවය වැඩියි Full frame කැමරාවක. උදාහරණයක් හැටියට ISO performance, Dynamic Range, APS-C වඩා < Full frame වැඩයි, Full frame වඩා < Medium Format වැඩයි.
ඡායාරූපයක සෞන්දර්යාත්මක ගුණාත්මකභාවය සහ තාක්ෂණික ගුණාත්මකභාවය කියන්නේ දෙකක්.
සරලවම කියනවා නම් ඕනෙම camera එකකින් හොඳ Landscape ඡායාරූප ගන්න පුළුවන්. ඒ වගේම තමයි APS-C හෝ Full Frame කැමරාවකින් විශේෂයෙන් ඡායාරුප ගත්තා කියල අමුතු වැඩකාරයෙක් වෙන්නෙත් නැහැ.
හොඳම දේ තමයි තමන් ළඟ තියෙන කැමරාව මොකක් උනත්, ඒ ගැන හොඳ අවබෝධයකින් වගේම හැම කැමරාවකින්ම ඡායාරූප ගන්න පුරුදු වෙන එක. මේ තියෙන්නේ එකම ස්ථානයේ APS-C සහ Full Frame කැමරාවකින් ලබාගත්ත ඡායාරූප 2ක්.
අවසන් නිගමනය:
Landscape Photography කියන්නේ බොහොම නිදහසේ කරන්න පුළුවන් දෙයක්. ඒකට බොරු හේතු හදාගන්න ඕනෙ නැහැ, තාක්ෂණික හිරකාරයෙක් වෙන්න ඕනෙත් නැහැ.
ඔබට පුළුවන් නම් ඔබ අවට තියෙන ස්වභාවික විවිධත්වය, සුන්දරත්වය විඳින්න සහ ඡායාරුපගත කරන්න, එයයි ඔබව ගුණාත්මක Landscepe ඡායාරූප ශිල්පියෙක් කරන්නේ.
මේ ලිපිය ගැන ඔබේ මතය පහලින් comment කරන්න. ලිපිය හොඳ නම් අනිත් අයටත් කියවන්න share කරන්න. :)